ඉරාන - අමෙරිකා ගැටුමට තිත? - කලාපීය බලවතුන් ඉස්ලාමාබාද් නුවරට රැස්වෙයි

Report

ඊජිප්තුව, තුර්කිය, සෞදි අරාබිය සහ පකිස්තානය යන රටවල විදේශ අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා වටයක් පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී ආරම්භ වී ඇත.

අමෙරිකාව සහ ඊශ්‍රායලය, ඉරානය සමඟ පවත්වාගෙන යන දැඩි යුදමය වාතාවරණය සමනය කිරීම සහ කලාපීය ස්ථාවරත්වය තහවුරු කිරීම අරමුණු කරගනිමින් අද (29) සහ හෙට (30) යන දෙදින පුරා මෙම තීරණාත්මක හමුව පැවැත්වේ.

සියලුම ජනතාව වෙනුවෙන් විශේෂ ගැසට් නිවේදනයක්

සියලුම ජනතාව වෙනුවෙන් විශේෂ ගැසට් නිවේදනයක්

මෙම රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමේ ප්‍රධාන මැදිහත්කරු ලෙස පකිස්තානය කටයුතු කරන්නේ අමෙරිකාව සහ ඉරානය යන දෙපාර්ශවය සමඟම ඔවුන් පවත්වාගෙන යන සමබර සබඳතා හේතුවෙනි.

මෙහිදී වොෂින්ටනය විසින් යෝජනා කරන ලද කරුණු 15කින් සමන්විත විශේෂ සාම සැලැස්මක් ටෙහෙරානය වෙත ඉදිරිපත් කිරීමට ද පකිස්තානය පියවර ගෙන ඇති අතර, එමගින් කලාපීය ගැටුම් අවම කරගැනීමට බලාපොරොත්තු වේ.

රතු මුහුද කැළඹෙයි - යේමනයේ මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින්න - හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් වේ

රතු මුහුද කැළඹෙයි - යේමනයේ මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින්න - හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් වේ

මෙම සාකච්ඡා වටය සාර්ථක වුවහොත් මැදපෙරදිග කලාපයේ පවතින අනාරක්ෂිත බව සැලකිය යුතු ලෙස අඩු වනු ඇති බවත්, එය ගෝලීය දේශපාලනික සහ ආර්ථික ස්ථාවරත්වයට විශාල රුකුලක් වනු ඇති බවත් විදෙස් විචාරකයෝ පෙන්වා දෙති.