විදුලිය ගාස්තු අඩු කෙරෙන පරාසයන් ගැන දැනුම්දීමක්. - කොමිසම - ලංවීම හැප්පෙයි.
Ceylon Electricity Board
Sri Lanka Electricity Prices
By Wayomi
ලංකා විදුලිබල මණ්ඩලය තවත් මාස 6ක් යනතුරු විදුලිය ගාස්තු අඩු කිරීමට නොහැකි බව ප්රකාශ කර ඇතැත් පවතින තත්ත්වය හා සියලු සාධක සැලකිල්ලට ගත හොත් විදුලිය ගාස්තු 11% - 23% ත් අතර පරාසයකින් අඩු කිරීමේ හැකියාව පවතින බව ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ගාස්තු අඩුකළ නොහැකි බවට වන යෝජනාවට පිළිතුරක් ලෙස ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිය ගාස්තු සියට 11 ත් 23 ත් අතර ප්රමාණයකින් අඩු කළ හැකි බවට වන ප්රතියෝජනාවක් අද (17 ) මහජනතාව වෙනුවෙන් ප්රසිද්ධියට පත් කිරීමට නියමිතයි.
කෙසේ වෙතත් විචාරකයන් පවසන්නේ විදුලි ගාස්තුව සම්බන්ධයෙන් වගකිවයුතු ඉහළම ආයතන දෙක වන ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අතරේ මත ගැටුමක් නිර්මාණය වී ඇති බවයි.
සෑම නිවසකට රු. 50,000ක්.! - ප්රවේශමෙන්. "ජනපති ප්රදානය" රජයේ ආධාර වැඩසටහන ගැන විශේෂ නිවේදනයක් . (නිවේදනය සහිතයි)
ජනපති අනුර එට්කා ගිවිසුම ගැන තීරණයක් ගනී. - ඉන්දියාවේ සිට ශ්රී ලංකාව දක්වා තෙල් නළයක් තවත් ජාලයක් එක් කරයි.
You may like this video