ඩුබායි සිට රැගෙන ආ රතු වරෙන්තුකරුවන් තිදෙනා පිළිබද ගත් තීරණය...

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime Branch Criminal Investigation Department Crime
By Piyumika Feb 08, 2025 03:35 AM GMT
Piyumika

Piyumika

Report

 ඩුබායි හීදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනා වැඩිදුර විමර්ශන සදහා අදාළ පොලිස් ස්ථාන වෙත භාරදී තිබෙනවා.

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය ඇතුළු මෙරට සිදු කළ අපරාධ රැසක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබූ මොවුන් ඩුබායිහි සිට ඊයේ දිවයිනට රැගෙන ආවා.

මාස 6ක් වයසැති බිළිදෙකු සිටින තිදරු මවට සැමියා සිදු කල අහස පොළොව නුහුලන අපරාධය...

මාස 6ක් වයසැති බිළිදෙකු සිටින තිදරු මවට සැමියා සිදු කල අහස පොළොව නුහුලන අපරාධය...

දිවයිනට රැගෙන ආ 42 හැවිරිදි රන්මුණි මහේෂ් හේමන්ත සිල්වා නැමැත්තා බෙලිඅත්ත ප්‍රදේශයේදී පුද්ගලයින් පස් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අවශ්‍යව සිටි සැකකරුවෙක්.

එමෙන්ම, කඳන්ගමදෙනියේ ගෙදර ප්‍රදීප් සඳරුවන් හෙවත් චන්දන නැමැත්තා වැල්ලම්පිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට අදාළව අවශ්‍ය සැකකරුවෙක් වන අතර ඔහුට අළුත්කඩේ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.

සියලු පළාත් පාලන ආයතනවල කාර්ය මණ්ඩල සමාලෝචනයක්...

සියලු පළාත් පාලන ආයතනවල කාර්ය මණ්ඩල සමාලෝචනයක්...

මීට අමතරව මාවරල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීම මෙන්ම බාලවයස්කාර දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් ද අවශ්‍යයව සිටි නාඩකන්දගේ උපාලි හෙවත් රොටුඹ උපාලි නම් සැකකරු ද ඊයේ දිවයිනට රැගෙන ආවා.

ඒ අනුව ඔවුන් කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයට බෙලිඅත්ත සහ අකුරැස්ස පොලිස් ස්ථාන වෙත භාරදී තිබෙනවා.

You may like this video

ReeCha