වහාම ඉවතට - රතු අනතුරු ඇඟවීමේ නිවේදන - මුහුදු ප්‍රදේශ කැළඹීමක්

Report

බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.

ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඊයේ (24) රාත්‍රී 10.00ට නිකුත් කළ එම නිවේදනය ඉදිරි පැය 12 සඳහා වලංගු වේ.

ඒ අනුව, උතුරු ආන්ද්‍ර ප්‍රදේශයට ඔබ්බෙන් පැවති ගැඹුරු පීඩන අවපාතය වයඹ දෙසට ගමන් කර ඇති අතර, ඊයේ පස්වරු 5.30 වනවිට කන්කසන්තුරේ සිට කිලෝමීටර් 1,150ක් පමණ ඊසාන දෙසින් කේන්ද්‍රගතව පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කොළඹ , ගම්පහ ඇතුළු දිස්ත්‍රික්කය ගණනාවකට අනතුරු ඇඟවීම් - රතු නිවේදන නිකුත් කෙරේ

කොළඹ , ගම්පහ ඇතුළු දිස්ත්‍රික්කය ගණනාවකට අනතුරු ඇඟවීම් - රතු නිවේදන නිකුත් කෙරේ

ඉදිරි පැය 6 තුළ එය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් ක්‍රමයෙන් පීඩන අවපාතයක් දක්වා දුර්වල වීමට ඉඩ ඇති බවද එම නිවේදනයේ දැක්වේ.

මේ අතර, අනතුරු ඇඟවීමේ කලාප ලෙස නම් කර ඇති මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත තද වැසි ඇතිවිය හැකි අතර, සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 70 දක්වා ඉහළ යා හැකි බව දැනුම් දී තිබේ. එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බැවින්, ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙසද උපදෙස් ලබාදී ඇත.

ලංකා බැංකුවේ ආරක්ෂක පද්ධති බිද වැටීමක්ද? බැංකු පද්ධතිය හා බැංකු Apps ගැන ලංකා බැංකුවෙන් නිවේදනයක්

ලංකා බැංකුවේ ආරක්ෂක පද්ධති බිද වැටීමක්ද? බැංකු පද්ධතිය හා බැංකු Apps ගැන ලංකා බැංකුවෙන් නිවේදනයක්

තවද, උතුරු අක්ෂාංශ 12°ත් 22°ත් අතර සහ නැගෙනහිර දේශාංශ 82°ත් 90°ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එම මුහුදු ප්‍රදේශවල මේ වනවිටත් ධීවර කටයුතුවල නිරතව සිටින යාත්‍රා ඇත්නම්, වහාම එම ප්‍රදේශවලින් ඉවත්වන ලෙසද උපදෙස් ලබාදී තිබේ.