යුද්ධය ඉන්දියන් සාගරයට? ඉරානයට ඇමරිකාව හෝ ඊශ්‍රායලය ගැහුවොත් මැදපෙරදිග යුද්ධය ඉන්දියන් සාගරයට හා ඉන් ඔබ්බට - දැඬි අනතුරු ඇඟවීමක්

Report

ඉරාන උත්තරීතර නායකයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වන මේජර් ජෙනරාල් යාහ්යා රහීම් සෆාවි විසින් අමෙරිකාව හෝ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව යළි කිසියම් ප්‍රහාරයක් එල්ල කළහොත්, මැදපෙරදිග යුද්ධය ඉන්දියානු සාගරය සහ ඉන් ඔබ්බට පුළුල් කිරීමට කටයුතු කරන බවට ඉරානය අනතුරු අඟවා ඇත.

මේවන විට ඉරානය සමඟ යුද ගැටුම පර්සියානු බොක්ක සහ හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඔබ්බට රතු මුහුද දක්වා ව්‍යාප්ත වී ඇති බවත්, ඉදිරියේදී තවදුරටත් යුද්ධයක් ඇති වුවහොත් මෙම යුධ පෙරමුණ ඉන්දියානු සාගරය දක්වා හෝ වෙනත් ප්‍රදේශ දක්වා පුළුල් වීමට ඉඩ ඇති බවත් සෆාවි පෙන්වා දී ඇති බව සඳහන් වේ.

ලංකා බැංකුවේ ආරක්ෂක පද්ධති බිද වැටීමක්ද? බැංකු පද්ධතිය හා බැංකු Apps ගැන ලංකා බැංකුවෙන් නිවේදනයක්

ලංකා බැංකුවේ ආරක්ෂක පද්ධති බිද වැටීමක්ද? බැංකු පද්ධතිය හා බැංකු Apps ගැන ලංකා බැංකුවෙන් නිවේදනයක්

ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ ඉන්දියානු සාගරය යනු ලෝකයේ ප්‍රධාන බලශක්ති සහ වෙළඳ නාවික මාර්ග පවතින ප්‍රදේශය වන බැවින්, මෙම තත්ත්වය තුළ යුද්ධය ඉන්දියානු සාගරය දක්වා ව්‍යාප්ත වීම ගෝලීය නාවික ගමනාගමනයට, බලශක්ති සැපයුම්වලට සහ විශේෂයෙන්ම ආසියාතික රටවල ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බවයි.

මේ අතර, ඕමාන වෙරළ තීරය ආසන්නයේදී ඇන්ටිගුවා ධජය යටතේ යාත්‍රා කළ නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී ඇත. මෙම ප්‍රහාරයෙන් 26 හැවිරිදි ඉන්දීය නාවිකයෙකු මියගොස් ඇති අතර, තවත් නාවිකයින් 19 දෙනෙකු ඕමාන රාජකීය නාවික හමුදාව විසින් බේරාගෙන ඇති බව සඳහන් වේ.

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතියේ හදිසි වෙනසක්

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතියේ හදිසි වෙනසක්