අධිවේගී මාර්ග ප්‍රවේශ ටිකට්පත් ගද්දි මේවා දැනන් හිටියද? දැවැන්ත වංචාවක් - රු.බි. 4.6ක් අහිමි වෙලා

Report

2019 නොවැම්බර් සිට 2024 ජූලි දක්වා වූ වසර 4යි මාස 9ක කාලය තුළ අධිවේගී මාර්ගවල සිදුව ඇති ටිකට්පත් අක්‍රමිකතා නිසා මාර්ග සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 4,614කට අධික ආදායමක් අහිමිවී ඇති බව නවතම විගණන වාර්තාවකින් හෙළි වී ඇත.

ඒ අනුව හෙළිව ඇත්තේ එම කාලය තුළ ප්‍රවේශ ටිකට්පත් මිලියන 133.8කට අධික සංඛ්‍යාවක් නිකුත් කර තිබුණද, වාහන මිලියන 18.2කට අධික සංඛ්‍යාවක් සඳහා පිටවීමේ ටිකට්පත් නිකුත් කර නොතිබූ බවයි.

එබැවින් දෛනිකව අධිවේගී මාර්ග ආදායමෙන් අහිමිවූ මුදල රුපියල් මිලියනයකට ආසන්න බවද අඳාළ වාර්තාවේ සඳහන්.

මේ පාසල් කළින්ම වහද්දි හෙට මේ පාසල්වලට නිවාඩු - දැඩි අයහපත් කාලගුණය නිසා දිවයින පුරා පාසල්වලට විශේෂ දැනුම්දීමක්

මේ පාසල් කළින්ම වහද්දි හෙට මේ පාසල්වලට නිවාඩු - දැඩි අයහපත් කාලගුණය නිසා දිවයින පුරා පාසල්වලට විශේෂ දැනුම්දීමක්

එසේම මෙම විගණනයට අනුව විවිධ උපක්‍රම භාවිත කර අධිවේගී මාර්ග ආදායම් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම හා වංචා සිදුකර තිබුණද, ඊට වගකිව යුතු මුදල් අයකැමිවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය හඳුනාගෙන විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට හෝ එවැනි අක්‍රමිකතා වැළැක්වීමට අධිවේගී මාර්ග කළමනාකරණය කටයුතු කර නොමැති බවද වාර්තා වේ.

එමෙන්ම ඉහත සඳහන් කාලය තුළ ප්‍රවේශ කවුළුවේ සේවය කළ අයකැමිවරුන් විසින් වාහන වර්ගය වෙනස් කරමින් ටිකට්පත් 241,964ක් නිකුත් කර ඇති බවත් විගණන වාර්තාවෙන් හෙළිව ඇත.

එසේම අයකැමියන්ගේ අභිමතය පරිදි හෝ නොසැලකිල්ල නිසා සිදුවන එවැනි වාහන වර්ග වෙනස්කම් පාලනය කිරීමට ප්‍රමාණවත් අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් හඳුන්වාදී නොතිබීම නිසා, 2019 වසරේ සිට එවැනි දෝෂ වාර්තා වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බවද අඳාළ වාර්තාව සඳහන්.

ඉදිරි පැය 48 තීරණාත්මකයි - මේ ප්‍රදේශවල පදිංචි මහජනතාවට විශේෂ දැනුම්දීමක්

ඉදිරි පැය 48 තීරණාත්මකයි - මේ ප්‍රදේශවල පදිංචි මහජනතාවට විශේෂ දැනුම්දීමක්

මේ අතර අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීමට දේශීය හා විදේශීය ලෙස රුපියල් මිලියන 611,374ක ණය ලබාගෙන ඇති බවද අඳාළ වාර්තාවේ දැක්වේ.

එසේම අධිවේගී මාර්ගවල සාමාන්‍ය වාර්ෂික ශුද්ධ ලාභය රුපියල් මිලියන 3,560.62ක් වශයෙන් ගණනය කර තිබෙන අතර, ඒ අනුව පොලී ගෙවීම් නොසලකා ණය මුදල පමණක් ගෙවීමට වසර 171කට වැඩි කාලයක් ගතවන බව විගණනයේදී නිරීක්ෂණය කර ඇත.

එබැවින් අධිවේගී මාර්ගවලින් ලැබෙන ආදායමෙන් ණය සහ පොලී ගෙවීම් ආවරණය කර ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බවද විගණන වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා.

අද මේ ලග්න හිමියන්ට අත ගහන සෑම දේකින්ම ජය - නොසිතූ සම්පත් එක්ක ප්‍රශංසා ලැබෙන සුබම සුබ දවසක්

අද මේ ලග්න හිමියන්ට අත ගහන සෑම දේකින්ම ජය - නොසිතූ සම්පත් එක්ක ප්‍රශංසා ලැබෙන සුබම සුබ දවසක්