ගුරු වෘත්තියට ගිය පිරිසකට සුබ ආරංචියක් මෙන්න..
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

ඒ යුද සමයේ දී දකුණු පළාතෙන් ගුරුවරු ලෙස බඳවාගත් 69 දෙනකු ගුරුසේවා ව්‍යවස්ථාව යටතේ නැගෙනහිර පළාතට බඳවාගන්නා බවයි.
ඒ මහතා මේ බව කියා සිටියේ අම්පාර දිස්ත්‍රික් මන්ත්‍රී ඩබ්.ඩී වීරසිංහ කළ ඉල්ලීමකට පිළිතුරු දෙමින් ය.
යුද සමයේ දී දකුණු පළාතෙන් ගුරුවරු ලෙස බඳවාගත් 69 දෙනකු අම්පාර දිස්ත්‍රික්කයේ සේවය කරන බවත් ඔවුන් තාමත් සිවිල් ආරක්ෂක බලකාය යටතේ කටයුතු කරන බවත් වීරසිංහ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ ය.
කෙසේ වෙතත්, එයට පිළිතුරු ලබා දෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව සඳහන් කළේ ය.