මේ 16 වෙනිදායි අවසන්.. රාජ්‍ය සේවකයින්ට කළ විශේෂ දැනුම්දීමක් මෙන්න..

Ministry of Education Government Of Sri Lanka Latest Headlines Decision Making
By Sithumi May 13, 2024 01:41 PM GMT
Sithumi

Sithumi

Report

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

මේ 16 වෙනිදායි අවසන්.. රාජ්‍ය සේවකයින්ට කළ විශේෂ දැනුම්දීමක් මෙන්න.. | Transfers Of Teachers In National Schools

ඒ ජාතික පාසල්වල ගුරුවරුන්ගෙ 2024 වර්ෂය සඳහා වාර්ෂික/අනිවාර්ය ස්ථාන මාරු අයදුම්පත් මාර්ගගතව www.nstt.moe.gov.lk දිගුව ඔස්සේ කැඳවා ඇති බවයි.

ඒ අනුව මාර්ගගතව අයදුම්පත් කැඳවීමේ කාලසීමාව 2024.04.25 දින සිට 2024.05.16 දින දක්වා ක්‍රියාත්මක වේ.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වන වැඩිදුර උපදෙස් සහ නිවේදන සියලුම ජාතික පාසල් විදුහල්පතිවරුන් වෙත යොමුකර තිබෙනවා.

මේ මාසේ අවසන් වෙන්නත් කලින්?. ජනතාවට රජයෙන් ලැබෙන සහනය මෙන්න..

මේ මාසේ අවසන් වෙන්නත් කලින්?. ජනතාවට රජයෙන් ලැබෙන සහනය මෙන්න..


මේ අතර, මෙරට පාසල් වල ඉංග්‍රීසි විෂයට අදාළ ගුරුවරුන්ට පත් වීම් ලබා දීමේදී සහ ක්‍රීඩා පුහුණු ගුරු පත්වීම් ලබා දීමේ දී පවතින ගැටලු සම්බන්ධයෙන් අමාත්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත අද (13) පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වුවා.

සා.පෙළ විභාගයේ ඉදිරි කටයුතු වෙන්නෙ මෙහෙමයි..(PHOTO)

සා.පෙළ විභාගයේ ඉදිරි කටයුතු වෙන්නෙ මෙහෙමයි..(PHOTO)


වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

"ඉංග්‍රීසි විෂයට අදාළ ගුරුවරුන්ට 2021 ඩිප්ලෝමාධාරීන් 500ක් බඳවා ගැනීමට තිබූ විභාගයේ ප්‍රතිඵල අනුව තමයි දැන් පත්වීම් දෙන්න වෙලා තියෙන්නේ. එම නිසා මේ දිනවල සම්මුඛ පරීක්ෂණ පවත්වාගෙන යනවා. 100ක් ජාතික පාසල්වලට 400ක් ග්‍රාමීය පාසල්වලට.‍ එකක් තියෙන්නේ යම් ප්‍රශ්න පත්‍රයක ප්‍රමිතිය පවත්වාගෙන යන්නත් ඕනේ. ගුරුවරු නැති දරුවන් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා.

එහෙමයි කියලා ප්‍රශ්නපත්‍රයක ප්‍රමිතිය අඩුකරන්න බෑ. කරුණු ගැන සැලකිල්ලට අරන් සාම්පල් මාර්ක් එකෙන් පස්සේ ඒ දරුවන් ගැන අවශ්‍ය පියවර ගන්නවා කියලා විභාග කොමසාරිස්වරයා දැනුම් දුන්නා. 

සාමාන්‍යයෙන් ක්‍රීඩා ගුරුවරු බඳවා ගත්තේ විද්‍යාපීඨවලින්. ක්‍රීඩා පුහුණුකරුන් විදියට 3,000කට පමණ පත්වීම් ලබා දුන්නා දැන් අවරුදු කිහිපයකට පෙර. නමුත් ඒ දිලා තියෙන්නේ අනධ්‍යයන කාර්යමණ්ඩලවලට. ගුරු වෘත්තියට නෙමෙයි. කොහොම වුණත් ඒ අය ගුරුවෘතීයට බඳවා ගැනීමට අවශ්‍ය ගුරු සේවා ව්‍යවස්තාවට අදාළ සුදුසුකම් සපුරා තියෙනවා ද කියලා බලලා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන්න උපදෙස් දෙන්නම්."

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%