කොවිඩ් නිසා නැතිවූ ගඳ සුවඳ දැනීම නැවත ලබාගන්න අලුත් ප්‍රතිකාරයක්

covid19 immunization odor East angliya unversity vitamin A
By Sewvandhi Sep 29, 2021 03:16 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් 19ට ගොදුරු වීමෙන් අනතුරුව ගඳ සුවඳ නොදැනීයාම හෝ එහි අඩුවක් දැනීම සඳහා ප්‍රතිකාරයක් වශයෙන්, නාස්පුඩු තුළට ලබාදෙන විටමින් A දියරය (Vitamin A nasal drops) යොදා ගැනීමේ හැකියාවක් පවතින බව එක්සත් රාජධානියේ පර්යේෂකයන් පිරිසක් පවසා තිබෙනවා.

ඔවුන් මේ පිළිබඳව සති 12ක සායනික අත්හදා බැලීමක් ඊස්ට් ඇන්ග්ලියා විශ්වවිද්‍යාලය විසින් දියත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම අත්හදා බැලීම සඳහා යොදා ගන්නා රෝගීන්ගෙන් ඇතැමුන්ට පමණක් විටමින් A ප්‍රතිකාරය ලබා දී තිබෙනවා.

ඉන් අනතුරුව රෝගීන් සියලු දෙනාගේම ගඳ සුවඳ දැනීම විමර්ශනය කර බලා තිබෙන බව වාර්තා වනවා. මේ අතරතුර ගඳ සුවඳ දැනීම වෙනුවෙන් ඔවුන්ගේ මොළයේ පවතින ස්නායු, ස්කෑන් පරීක්ෂාවකට ලක් කර ඇති අතර එහිදී පරීක්ෂා කරනු ඇත්තේ කලින් හානියට පත්වී ඇති අදාළ ස්නායු විටමින් A ප්‍රතිකාරය මගින් යථා තත්වයට පත්වන්නේද යන්නයි.

සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවකදී වුවද ගඳ සුවඳ දැනීම අඩුවීම හෝ වෙනස්වීම සිදුවිය හැකි නමුත් එය කොවිඩ් 19ට ගොදුරු වුවන් විසින් පෙන්නුම් කරනු ලැබූ ප්‍රධාන රෝග ලක්ෂණයක් බවට පත්ව තිබෙනවා. කොවිඩ් 19 සුව වීමෙන් දෙසතියක අවෑමෙන් බොහෝ රෝගීන්ගෙන් මෙම තත්ත්වය ස්වභාවිකව ම පහව යන නමුත් ඇතැමුන්ට එය දීර්ඝ කාලීනව පැවතිය හැකිය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now