විශ්‍රාමිකයන්ට තවත් වැටුප් වැඩි විමක්?. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට කළ නිර්දේශය..

Report

ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට නිර්දේශ‍යක් සිදු කර තිබෙනවා.

ඒ විශ්‍රාමික දීමනා, ජීවන වියදම් දර්ශකයට සමානුපාතිකව ඉහළ නැංවීම සඳහා සූත්‍රයක් සකසන ලෙසයි.

එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතිත්වයෙන් රුස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත්තේ.

විශ්‍රාමිකයන්ට තවත් වැටුප් වැඩි විමක්?. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට කළ නිර්දේශය.. | Recommendation To Pension Department

එම රැස්වීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය යන රාජ්‍ය ආයතනවල නිලධාරීන් ද, විශ්‍රාමිකයන්ගේ සංගම් නියෝජිතයන් ද රැස් වීය.

එම කාරක සභාව හමුවේ විශ්‍රාමික සංගම් පෙන්වා දෙනු ලැබුවේ ලබන ජනවාරියේ සිට රාජ්‍ය සේවකයින්ට රුපියල් 10,000 ක දීමනාවක් ලබා දුන්නද, විශ්‍රාමිකයින්ට වැඩි කර ඇත්තේ මසකට රුපියල් 2500 ක් පමණක් බවයි.

එමෙන්ම දැනට සක්‍රීය විශ්‍රාමිකයන් සංඛ්‍යාව ලක්ෂ 7 කට අධික වන අතර  වැටුප් වැඩිවීම හා සලකා බලන විට විශ්‍රාම වැටුප් වැඩි වී ඇත්තේ 25%ක ප්‍රමාණයකින් ය.

එහිදී විශ්‍රාමික සංගම් නියෝජිතයින් කාරක සභාව හමුවේ සඳහන් කළේ එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි.

විශ්‍රාමිකයන්ට තවත් වැටුප් වැඩි විමක්?. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට කළ නිර්දේශය.. | Recommendation To Pension Department

මේ අතර, වසරකට විශ්‍රාමිකයන් 26000 ක් පමණ ප්‍රමාණයක් සක්‍රීය තත්ත්වයට එකතු වේ.

එමෙන්ම, 20000 ක් පමණ මියයාම හේතුවෙන් විශ්‍රාමික ලැයිස්තුවෙන් ඉවත් වේ.

ඒ බව එහිදී අනාවරණය විය.

කෙසේ වෙතත්, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සඳහා මාසිකව වෙන් කෙරෙන මුදල රුපියල් බිලියන 413 ක් වේ.