මාර්ග නීති කැඩූ රියදුරු පොලිස් මහතාට සිදු කළදේ (VIDEO)

By Sithumi Dec 17, 2021 12:05 PM GMT
Sithumi

Sithumi

Report

වාහන නැවැත්වීමට තහනම් කර ඇති ස්ථානයක නවතා තිබූ යතුරුපැදියක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට උත්සාහ කළ පොලිස් නිලධාරියෙකු ට සිදුවන අනපේක්ෂිත සිද්ධියක් අසල පිහිටි CCTV කැමරාවක සටහන්ව තිබුණි.

අප වාර්තාකරු පැවසුවේ, ආසන්නයේ සිටි පොලිස් නිලධාරියෙක් අදාළ යතුරුපැදිකරු පිළිබඳව විමසිල්ලෙන් සිට ඇති බවත් එම යතුරුපැදිකරු එකවර පැමිණ, තම යතුරුපැදිය පණගන්වා එම ස්ථානයෙන් පළායෑමට උත්සහ දැරීමේ දී පොලිස් නිලධාරියා එය නැවැත්වීමට උත්සාහ දරා ඇති බවය.

එහිදී එම යතුරුපැදිය පොලිස් නිලධාරියා ඇදගෙන යම් දුරක් ගොස් ඇති අතර, පසුව එය පෙරළී යයි. අදාළ සිදුවීමෙන් රථ වාහන පොලිස් නිලධාරියාට බරපතළ තුවාල සිදුව ඇති බව වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 


Join now