මෙරට ප්‍රවීන නළුවෙකුට කොවිඩ් ආසාදනය වෙයි...ඔහු හිටපු මන්ත්‍රීවරයෙක්.

Corona Raveendra yasas Telidrama
By Aruna Aug 23, 2021 06:08 AM GMT
Aruna

Aruna

Report

ප්‍රවීන වේදිකා, ටෙලිනාට්‍ය හා චිත්‍රපට නළුවකු වන රවීන්ද්‍ර යසස් මහතාට ද කොවිඩ් ආසාදනය වී ඇති බවට ඔහුගේ Facebook ගිණුමට සටහනක් එක් කරමින් පවසනවා.

රවීන්ද්‍ර යසස් මහතා බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් ද වනවා.

මේ අතර ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදයේ ජාන විකෘතිතා (MUTATION ) හතරක් හඳුනාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රති ජීවවිද්‍යා සහ අණුක විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසයි.

ඕනෑම වෛරසයක් වේගයෙන් පැතිරීගෙන යනවිට යම් යම් ජාන විකෘතිතාවයන්ට ලක්වන බව මහාචාර්යවරිය සඳහන් කරයි.

මෙම විකෘතිතා හතර ඩෙල්ටා වෛරසයේ පැතිරීමට බලපාන ආකාරය ගැන සෙවීමට විශේෂ පරීක්ෂණයක් අරඹා ඇති අතර මෙම විකෘතිතා සම්බන්ධයෙන් ජනතාව කිසිසේත්ම කලබල විය යුතු නැති බව ඇය පවසයි.

මෙම සියලු විකෘතිතාවලට මෙරට භාවිත වන එන්නත් කාර්යක්ෂමව ප්‍රතිචාර දක්වන බව මහාචාර්යවරිය වැඩිදුරටත් සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now