හැමදාමත් අංක එකට වැජඹෙන TV චැනල් වල Ratings බොරු - කෝපා කමිටුවෙන් විශේෂ අනාවරණයක්. (VIDEO)

Parliament of Sri Lanka Sri Lanka Government Of Sri Lanka Sri Lanka Social Media
By Wayomi Jun 02, 2023 07:13 AM GMT
Wayomi

Wayomi

Report

රූපවාහිනි නාලිකා ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදය නැතිනම් රේටින් බොරුවක් බව අද කෝපා කමිටුවේදී අනාවරණය වුණා.

කුඩා නිරීක්ෂණ යන්ත්‍ර තුන් හාරසීයක් නිවාසවල සවි කරලා දෙකෝටි විසි ලක්ෂයේ මතය ගැජට් කෑලි 250කින් 300කින් තේරීම් කරලා රේටින් කියලා පවසන බවයි එහිදී වැඩිදුරටත් හෙළි වී ඇත්තේ.

ඒ ගැජට් හයි කරපු නිවාසවලටත් බලන්න ඕන ටෙලිවිෂන් නාලිකාව සල්ලි විසිකලා කියන එක හරි ප්‍රසිද්ධ රහසක් බවත්, බොරු රේටින් මත ඉදලා අපේ රටේ බොහෝ ව්‍යාපාරික ආයතන වෙළඳ දැන්වීම් සඳහා මුදල් වියදම් කරන බවත්, රේටින් වාර්තා බොරු කරන බව පවසමින් ටෙලිවැකියෙන්ද ජනතාව දැනුවත් කරන බවත් එහිදී වැඩිදුරටත් අනාවරණය කරගෙන තිබෙනවා.