මෙරට ප්‍රසිද්ධ ප්‍රබල හිමිනමකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරයි

party parliament membership Rathana thera Nimal Punchiheva
By Sewvandhi Oct 16, 2021 02:48 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර තිබෙනවා. ඒ බව පක්ෂ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසම් සභාවට දැනුම් දී ඇති බව සඳහන්.

රතන හිමියන් වෙත එල්ල වූ චෝදනා හතරකට උන්වහන්සේ වැරදිකරු බවට තීරණය කිරීමත් සමග පක්ෂයෙන් නෙරපීමේ තීරණය ගෙන ඇත.

කොමිසමේ සභාපති ජ්‍යේෂ්ඨ නිතීඥ නිමල් පුංචිහේවා සඳහන් කළේ, ඊයේ දිනයේදී කොමිසම් සභාවට මේ බව දැනුම් දුන් බවයි. පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පසුගිය ජනවාරි පස් වැනි දා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.

සිව් වැනි වරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දුන් උන්වහන්සේට වෙන් කෙරුණේ, විපක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහා වූ මුල් පෙළ අසුනක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now