සාමාන්‍ය පෙළින්ම උසස් පෙළ A3ක් ගත් රනුලිගේ කතාව

Report

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමෙන් පසු මෙවර අපොස උසස් පෙළ (2024) විභාගයට පෙනී සිටි රනුලි කවිත්‍යා විජේසිරිවර්ධන ශිෂ්‍යාව ගණිත අංශයෙන් ‘ඒ ‘සාමාර්ථ තුනක් ලබාගෙන සමත් වී තිබේ. ඒ අනුව සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව යන විෂයන් තුනටම ඒ සමාර්ථ ලබා ගනිමින් විශිෂ්ට ලෙස සමත් වී ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ 217 වැනියා ලෙසද ලංකාවෙන් ම 963 වැනියා ලෙසද සමත්ව ඇති රනුලි විශ්වවිද්‍යාල ඉංජිනේරු පීඨයකට ඇතුළත් වීමට සුදුසුකම් සපුරා තිබේ. ඇය කොළඹ විශාඛා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ හදාරා පෞද්ගලික අයදුම්කාරියක ලෙස උසස් පෙළ විභාගයට පෙනීසිටියාය. සාමාන්‍ය පෙළ විභාගයේදී ද ‘ඒ’ සාමාර්ථ 8 සහ ‘බී’ සාමාර්ථයක් ලබා සමත් වී ඇත. අද රාත්‍රී උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වීමෙන් සිය ජයග්‍රහණය සම්බන්ධයෙන් රනුලි මෙසේ දිවයිනට අදහස් පළ කළාය.

නව පාප් වහන්සේ තෝරන්න රහසිගත හමුවක්

නව පාප් වහන්සේ තෝරන්න රහසිගත හමුවක්

මම පාදුක්ක සිරි පියරතන විද්‍යාලයෙන් ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා තමයි කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුළු වුණේ. සාමාන්‍ය පෙළ ‘ඒ අටක්’ සහ ‘බී ‘එකක් ගත්තා. මම හරි නම් උසස් පෙළ විභාගයට පෙනී සිටින්න ඕනේ 2026 වසරේ. ගණිත විෂයට සහ විද්‍යා විෂයට මම ඉතාමත් තදින් ප්‍රිය කරමින් ඒ විෂයන් හොඳින් හදාරපු නිසා මට විශ්වාසයක් තිබුණා මෙවර උසස් පෙළ විභාගයට පෙනී ඉඳලා විශිෂ්ට ලෙස සමත් වෙන්න පුළුවන් කියලා.නීතිමය හැටියට පාසල් අයදුම්කරුවකු ලෙස අඩු වයසෙන් පෙනී ඉන්න බැරි නිසා තමයි මම පාසලෙන් අස්වෙලා පෞද්ගලිකව අයදුම් කළේ. විශාඛා විද්‍යාලයෙන් අයින් වෙනවා කියන තීරණය ගත්තෙ ඉතාම දුක්බරව. නමුත් අඩු වයසින් කැම්පස් යන්න ඕනි හින්දා මං ඒ තීරණය බය නැතුව ගත්තා. මේ ජයග්‍රහණයේදී මගේ පියා සහ මව යෝධ සෙවණැල්ලක් මෙන් සහය දුන්නා. විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබලා විශ්ව විද්‍යාල මහාචාර්යවරියක් වීම තමයි මගේ ඉලක්කය.

රනුලිගේ පියා වන ප්‍රවීණ සංයුක්ත ගණිතය දේශක සඳුන් වානගුරු මහතා සිය දියණියගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය.

"ලෝකෙ දියුණු රටවල නම් උසස් පෙළ හදාරලා අවුරුදු විසි එක වෙනකොට උපාධිධාරියෙක් වෙන්න පුළුවන්.නමුත් ලංකාවේ උපාධිය හදාරලා ඉවර වෙනකොට අවුරුදු විසි හයක් විතර වෙනවා. එතකොට උපාධිය ඉවර වෙලා රැකියා වෙළඳපොළට ඇවිත් විවාහයක් වෙනකොට ජීවිතය හොඳ කාලය ගිහින් ඉවරයි. ඒ නිසා මේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕනේ. සිසුන්ට තමන්ගේ හැකියාව අනුව කැමති විෂය ධාරාවන් තෝරාගෙන අඩු වයසින් උපාධිධාරියෙකු වීමේ අවස්ථාව ලබා දෙන ක්‍රමයක් ලංකාවේ ඇති විය යුතුයි. දියණියගේ ජයග්‍රහණය ගැන මාත් බිරිඳත් නිහතමානීව ආඩම්බර වෙනවා."

සංගීත් දිනීගේ ආදරණීය දවසේ කවුරුත් නොදුටු ඡායාරූ එකතුව

සංගීත් දිනීගේ ආදරණීය දවසේ කවුරුත් නොදුටු ඡායාරූ එකතුව

රනුලි දියණියගේ මව වන නිලූකා රාජපක්ෂ මහත්මිය ද උපාධිධාරි ගුරුවරිකි. පාදුක්කේ පදිංචි රනුලි දරුවන් තිදෙනෙකු සිටින පවුලේ වැඩිමලාය