නව පාප් වහන්සේ තෝරන්න රහසිගත හමුවක්

By Hashini Apr 28, 2025 01:33 AM GMT
Report

විදෙස් වාර්තා සඳහන් කරන්නේ නව පාප්වහන්සේ තෝරාපත් කර ගැනීම සඳහා වන කාදිනල්වරුන්ගේ රහසිගත හමුව මැයි 05 හෝ 06 වැනිදා පැවැත්වෙනු ඇති බවයි.

ස්වර්ගස්ථ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙනුවෙන් ඊයේ දිනයේත් වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයේ දේව මෙහෙයක් පැවැත්වුණු අතර ඊට ලක්ෂ 02කට අධික කතෝලික බැතිමතුන් පිරිසක් එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය තැන්පත් කළ සුසානඝරය පළමුවරට මාධ්‍යයට අනාවරණය කර තිබෙනවා.

උන් වහන්සේගේ නාමය ලතින් භාෂාවට හැරවූ විට දීන 'ෆ්‍රැන්සිස්කස්' නම් වචනය පමණක් එහි තබා ඇති ශෛලමය දැන්වීමේ සටහන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

උන්වහන්සේ ගෙල වටා බැඳී යකඩ ආලේපිත කුරුසයට සමාන කුරුසයක්ද එහි කිරිගරුඬ පුවරුවට ඉහලින් එල්ලා තිබෙනවා. 

දඩය ලක්‍ෂ 50යි...වැඩි මිලට ජල බෝතල් විකුණන්නේ බලාගෙනයි....

දඩය ලක්‍ෂ 50යි...වැඩි මිලට ජල බෝතල් විකුණන්නේ බලාගෙනයි....