රජයෙන් ලබා දෙන මහජන ආධාර ගැන දැනුම්දීමක්.
Ranjith Siyambalapitiya
Sri Lanka Politician
Sri Lanka
Government Of Sri Lanka
Ministry of Finance Sri Lanka
By krishani
කප්පාදුවකින් තොරව රජය විසින් ලබාදෙන මහජන ආධාර අඛණ්ඩව ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ ය.
ඒ අනුව දැනට ඇතැම් පිරිස් සඳහා රජය විසින් ලබාදී ඇති වකුගඩු ආධාර, වැඩිහිටි ආධාර ඇතුළු මහජන ආධාර මුදල් කප්පාදුවකින් තොරව ලබාදෙනු ඇත.
ඒ ඊයේ (14) දෙහිඕවිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ.
කෙසේවෙතත්, අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් පත්‍රයේ දෙවන උපලේඛනයේ ඒ පිළිබඳව සඳහන් කර ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |