රංජන් රාමනායක නිදහස් වෙයි.?

jail gotabhaya rajapaksha sajith premadhasa ranajan ramanayaka
By Sewvandhi Sep 11, 2021 01:11 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අනිද්දා දිනට යෙදී ඇති සිරකරුවන්ගේ ජාතික දිනය වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ජනාධිපති සමාව යටතේ නිදහස ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ අවධානය යොමු වෙතැයි සිතන බවද ඔහු පවසා සිටියි. ඔහු මේ බව සඳහන් කරන්නේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.

වසර හතරක බරපතළ වැඩ ඇතිව සිර ගත කර සිටින රංජන් රාමනායක මන්ත්‍රී හිටපු මන්ත්‍රීවරයා නිදහස් කරන්නැයි විපක්ෂ නායකයා වරයා විසින් අවස්ථා දෙකකදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ. ඔහු විසින් තබා ඇති සටහන මෙහි දැක්වෙයි.

එමෙන්ම රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා ජනාධිපති සමාව යටතේ නිදහස් කරන්නැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now

  

GalleryGallery
ReeCha