ජනපති තවත් ජනපතිවරයෙකු හමුවෙයි.. (PHOTOS)

Ranil Wickremesinghe Sri Lanka
By Sithumi May 06, 2023 11:10 AM GMT
Sithumi

Sithumi

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රුවන්ඩා ජනාධිපති පෝල් කගමේ මහතා ලන්ඩන් නුවරදී හමු වී තිබෙනවා.

එම හමුවේදී දෙරට අතර කෘෂිකර්මාන්ත, සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳ සාකච්ඡා කර ඇති බව සඳහන් වනවා. එමෙන්ම ඊට අදාළ ඉදිරි කටයුතු සොයා බැලීමට දෙරටේ අමාත්‍යවරුන්ගේ හමුවක් පිළිබඳව ද සාකච්ඡා කර තිබෙනවා.

   ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ මීට අමතරව ශ්‍රී ලංකාව සහ රුවන්ඩාව අතර ආරක්ෂක සහයෝගිතාව ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද නායකයන්ගේ අවධානය යොමුවූ අතර ස්වභාවික විපත්වලදී කඩිනම් ප්‍රතිචාර දැක්වීම පිළිබඳ පුහුණුවීම් සඳහා මෙරට ආරක්ෂක හමුදාවන්හි සහාය ලබාදීමට ජනාධිපති වික්‍රමසිංහ මහතා එහි දී එකඟතාව පළ කළ බවයි.

ජනාධිපතිවරයා ලන්ඩන් නුවර බලා පිටත්ව ගියේ එරට රජුගේ රාජාභිශේකයට සහභාගීවීම සදහායි.

ඊට අදාල ජායාරූප පහතින් නරඹන්න.


GalleryGalleryGallery