ජනපතිට හිමිවූ අති විශේෂ අමාත්‍යාංශ හතර..

By Sithumi Nov 06, 2022 02:24 PM GMT
Sithumi

Sithumi

Report

 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව අමාත්‍යංශ 04 කටයුතු ජනාධිපතිවරයා යටතේ තවදුරටත් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් එම් එස් බී ඒකනායක විසින්. විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.  

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (3) අනු ව්‍යස්ථාව යටතේ අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීමෙන් අනතුරුවයි ජනාධිපතිවරයා විසින් අමාත්‍යංශ 04 ක් තමන් භාරයේ තිබිය යුතු බවට නිශ්චය කර ඇති බවට සඳහන් කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ. 

 මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති, තාක්ෂණ, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් සහ ආයෝජන ප්‍රවර්ධන යන අමාත්‍යංශ 04 තවදුරටත් ජනාධිපතිවරයා යටතේ පවත්වාගෙන යාමට ඉන් බලතල හිමිවී තිබෙනවා. 

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍යංශය හැර වෙනත් අමාත්‍යධූරයක් දැරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසිය යුතු වන අතර ඉකුත් 01 වනදා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාගෙන් ලිඛිතව ඒ සම්බන්ධයෙන් විමසීමක් කර ඇති අතර නොවැම්බර් 04 වනදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (3) අනු ව්‍යවස්ථාවට අනුව අග්‍රාමාත්‍යවරයා ඊට එකගතාව පළ කර තිබෙනවා. 

 විශේෂ ගැසට් නිවේදනයක් පළ කර ඇත්තේ ඉන් අනතුරුවයි ජනාධිපති ලේකම්වරයා විසින් ඒ බව නිශ්චය කරමින්.