මාසිකව රුපියල් 10,000ක සහන ලබා දීමට කටයුතු කරන පිරිසක් ගැන ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක්..
Parliament of Sri Lanka
Ranil Wickremesinghe
President of Sri lanka
By krishani
ඉතා ඉක්මණින් සහන සැලසිය යුතු පවුල් 61,000ක් සම්බන්ධයෙන් වාර්තා වී ඇති බවත් , එවැනි එක් පවුලකට ඉදිරි මාස 04 සඳහා මාසිකව රුපියල් 10,000ක් බැගින් ලබාදීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා අද (30) පාර්ලිමේන්තුවේදී අතුරු අයවැය ඉදිරිපත් කරමින් පැවසීය.
ගර්භණී කාන්තාවන් සඳහා දැනට ලබාදෙන රුපියල් 20,000ක දීමනාවට අමතරව රුපියල් 2,500ක මාසික අතිරේක දීමනාවක් ලබාදීමටත් යෝජනා කරන බවත් ආර්ථීක අර්බුදයේ බලපෑම අවම කිරීම සහ සමාජ ස්ථාවරභාවය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ලෝක බැංකු ණය යටතේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 133ක් වෙන් කර ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා ය.