රනිල් වික්‍රමසිංහ සිංගප්පූරුවට පිටවෙයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (15) පෞද්ගලික සංචාරයක ලෙස සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව වාර්තා වේ.
වික්‍රමසිංහ මහතා පවුලේ සාමාජිකයන් සමඟ ගමන් කර ඇති අතර, මෙම සංචාරය වෛද්‍ය ප්‍රතිකාර සඳහා බව දැනගන්නට ඇත. ඔහු ලබන බදාදා (18) අදාළ රෝහලක රෝහල්ගත වීමට නියමිත බවත් වාර්තා වේ.
මෙය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික සෞඛ්‍ය කටයුතු සම්බන්ධයෙන් සිංගප්පූරුවට ගමන් කිරීමක් වන අතර, ඔහුගේ නැවත පැමිණීම පිළිබඳ වැඩිදුර තොරතුරු තවමත් නිල වශයෙන් නිකුත් වී නොමැත.