නැව ගිනිගත් වෙලාවේ හරියට වැඩේ කළා නම් විදේශ ආධාර ගන්නත් තිබුණා…

By Wasantha Jun 07, 2021 12:55 PM GMT
Report

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගත් අවස්ථාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ නම් විදේශ ආධාර ලබා ගැනීමට හැකියාව තිබූ බව හිටපු අගමැති, එජාප නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

මේ වන විට පැහැදිලි වන්නේ නැවේ ගින්න මර්දනයට නොව වර්ධනයට කටයුතු කර ඇති බව යැයි ද හෙතෙම සඳහන් කරයි. නැව වරායට ඇතුළු කළ අවස්ථාවේ ගිනි ගත්තේ නම් ශැංග්‍රිලා හෝටලය දක්වා සියලු ගොඩනැගිලි විනාශ වනු ඇතැයි ද එජාප නායකයා ප්‍රකාශ කළේ ය.

මේ සිදුවීම පිළිබඳ තේරීම්කාරක සභාවක් පත්කළ යුතුව ඇතැයි ද රනිල් වික්‍රමසිංහ වැඩි දුරටත් සඳහන් කළේ ය. ඊයේ (06) සූම් හමුවක් සඳහා එකතු වෙමින් ඔහු මේ බව කීවේ ය.