ඒක රු එක්ලක්ෂ විසි දහසක කොන්ත්‍රාත්තුවක්.. දරුවන් දෙදෙනෙක් මරු තුරුලට යැවූ දෙහිවල අත්බෝම්බ ප්‍රහාරයේ සියල්ල සැකකරුවන් වමාරයි
ඉකුත් 11 වැනි දින දෙහිවල නිවසකට අත්බෝම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා පොලීසියට තොරතුරු රැසක් අනාවරණ කර තිබෙන බව වාර්තා වේ.
එම ප්‍රහාරයෙන් දරුවන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වුණේ ඔවුන්ගේ පියා බරපතළ තුවාල ලැබියදීයි.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් මත බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ අධීක්ෂණයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් මඟින් විමර්ශන ආරම්භ කළා.
මේ අතර අත්අඩංගුවට ගැනුණු බෝම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අද වැඩිදුර විමර්ශන වෙනුවෙන් බස්නාහිර දකුණ, දිසා අපරාධ කොට්ඨාසය වෙත රැගෙන විත් තිබුණා.
අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් එන්න යන අලුත් නීති.. මීට පස්සේ මේවා භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට යෝජනා
එහිදී ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ, ඔහු 2025 වසරේ නැදිමාල ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිට පසුගිය ජූලි මස 19 වැනි දින ඇපමත නිදහස්ව පැමිණි බවයි.
අනතුරුව ඔහු ඉකුත් අගෝස්තු පළමුවැනිදා රත්මලානේදී කුඩු අංජුගේ සමීපතමයෙක් වෙඩිතබා ඝාතනය කර ඇත.
ඒ වෙනුවෙන් බෝධියාවත්තේ අවිශ්ක හා කොස්මල්ලි විසින් තමාට රුපියල් ලක්ෂ 5ක මුදලක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් ලබාදී ඇති බව ඔහු පොලිසියට හෙළි කර තිබෙනවා.
පසුව ඔහුට දෙහිවල නිවසට බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමේ කොන්ත්‍රාත්තුව භාරදී ඇත්තේද බෝධියාවත්තේ අවිශ්ක හා කොස්මල්ලි විසින් බවද ඔහු පවසා ඇත.
එබැවින් ප්‍රහාරය එල්ලකිරීමට ගිය ත්‍රිරෝද රථයේ අත් බෝම්බයද තබා තිබී ඇති අතර, ප්‍රහාරයට අදාළ නිවස පෙන්වීමට එහි තවත් පුද්ගලයෙකු සිටි බව සැකකරු පවසා තිබෙන බව සඳහන්.
බැංකු ක්ෂේත්‍රයම කැළඹූ මහා ජාවාරම - බිලියන 86ක් රට පැන්නූ බැංකු නිලධාරීන් සිව්දෙනාට ඇප - අඳාළ බැංකු වෙත ඇතුළුවීමත් තහනම්
කෙසේ වුවද එම පුද්ගලයා තමන්ට පෙන්වා ඇත්තේ වැරදි නිවසක් බවත් සැකකරු එහිදී පවසා තිබේ.
එසේම එම ප්‍රහාරයෙන් පසුව බෝධියාවත්තේ අවිශ්ක හා කොස්මල්ලි විසින් තමන්ට රුපියල් එක් ලක්ෂ විසිදහසක මුදලක් ලබාදී, බිබිල ප්‍රදේශයට පලායන ලෙසට උපදෙස් දුන් බව සැකකරු පවසා ඇති බව සඳහන්.
කෙසේ වෙතත් ඔහු අත්අඩංගුවට පත්ව ඇත්තේ බිබිලේ සිය හිතවතෙකුගේ නිවසක සැඟවී සිටියදීයි. එසේම ප්‍රහාරය සඳහා නිවස පෙන්වූ පුද්ගලයාද බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ, ඒ සඳහා අවිශ්ක හා කොස්මල්ලි විසින් රුපියල් විසිදහසක මුදලක් ලබාදුන් බවයි.
මේ අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර මහතාගේ අධීක්ෂණයෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරයි.