ලංකාවට ආපු IMF නිලධාරීන් පුදුම වෙයි - සුවිශේෂී ආර්ථික ප්‍රගතිය දැකලා රටටම පැසසුම්
ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානී Evan Papageorgiou ඇතුළු නියෝජිත පිරිස සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (17) දින පවත්වා ඇත.
ඒ ජනාධිපති කාර්යාලයේදීයි.
එම සාකච්ඡාවේදී මෙරට ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයේ මාවතට පිවිස ඇති බව මෑතකාලීන ආර්ථික දර්ශකවලින් පෙන්නුම් කෙරෙන බවත්, එම ස්ථාවරත්වය මත රට පරිවර්තනීය යුගයක් කරා ගෙන යාම රජයේ අපේක්ෂාව බවත් අවධාරණය කර තිබෙනවා.
එසේම ශ්‍රී ලංකාව මේ වන විට උදා කරගෙන ඇති සුවිශේෂී ආර්ථික ප්‍රගතිය මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට ලක්ව තිබුණා.
අපි ශිෂ්ටාචාරමය නිවුන් සොහොයුරන්.. අපේ සබඳතාව අසල්වැසියන්ට වඩා වැඩි බැඳීමක් - ලංකාවටම ඇවිත් ඉන්දීය මහ කොමසාරිස් කිව්ව කතාව
එහිදී විශේෂයෙන් රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට, විදේශ ආයෝජන කැඳවා ගැනීමට සහ මූල්‍ය විනය පවත්වා ගැනීමට පසුගිය කාලසීමාව තුළ අනුගමනය කළ ක්‍රියාමාර්ගද පැසසුමට ලක් විය.
තවද ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සැපයූ ශක්තිමත් පදනමද මෙහිදී කෘතවේදීව සිහිපත් කළ අතර, ළඟා කරගත් ජයග්‍රහණ ආරක්ෂා කරගෙන ඉදිරියට යාම රජයේ අභිප්‍රාය බව ද සඳහන් කළා.
එමෙන්ම එම සියලු ආර්ථික ජයග්‍රහණ ජනතාවගේ ජීවන තත්ත්වය පහසු කිරීමට සහ උසස් කිරීමට යෙදවීම රජයේ අරමුණ බවද පැවසුවා.