වර්ජනය අසාර්ථකයි - මගීන් උභතෝකෝටිකයකට මැදි වෙද්දි ප්‍රවේශ පත්‍ර නැතුවම ඇතැම් දුම්රියන් ධාවනය වෙලා - මුළු රටෙන්ම චෝදනා
නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වෘත්තිය සමිති ඉල්ලීම් කරන ආකාරයට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කළ නොහැකි බව පවසන බව වාර්තා විය.
මේ අතර දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් අවධාරණය කළේ දුම්රිය වර්ජනය අසාර්ථක බවත් අද දිනයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවත් ය.
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ ක්‍රියාකලාපයට එරෙහි වෙමින් දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් පැය 48ක වැඩවර්ජනයක් ආරම්භ කළ ද අද පෙරවරුවේ බොහෝ දුම්රියන් ධාවනය විය.
එසේම උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ දක්වා දුම්රිය ධාවනය අද පෙරවරුවේ සාමාන්‍ය පරිදි සිදු විය.
එමෙන්ම කිසිදු තදබදයකින් තොරව ගම්පහ දුම්රිය ස්ථානයේ මගීන් දුම්රියෙන් ගමන් කළ බව සඳහන්.
එහෙත් දුම්රිය ප්‍රවේශ පත්‍ර කවුළු වසා දමා තිබුණු බව වාර්තා විය.
මේ අතර වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ දුම්රිය ප්‍රවේශපත් කවුළු විවෘතව පැවති අතර ඇතැම් දුම්රියන් ප්‍රමාද වී ධාවනය කර ඇති බව සඳහන්. එමෙන්ම බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් අළුයම 4.15ට ගමන් ආරම්භ කරන සාගරිකා දුම්රිය ද සාමාන්‍ය පරිදි ධාවනය විය.
එසේ වුවත් ප්‍රවේශ පත්‍ර නිකුත් කර නොමැති බව සඳහන්.
මේ අතර ගාල්ල දුම්රිය ස්ථානයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය හා යුද හමුදාව යොදවා තිබුණු අතර එම දුම්රිය ස්ථානය ද ප්‍රවේශ පත්‍ර කවුලු වසා දමා තිබු අතර මේ හේතුවෙන් රජයට අහිමි වන මුදල වර්ජනයේ නිරත වෘත්තිය සමිතිවලින් අය කර ගත යුතු බව මගීන් කියා සිටියා.
අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් එන්න යන අලුත් නීති.. මීට පස්සේ මේවා භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට යෝජනා
එසේම දුම්රිය රියදුරු සංගමය පෙන්වා දුන්නේ දුම්රිය වර්ජනයක් පැවතිය ද කිසිදු කාර්යාලයීය දුම්රියක් අවලංගු වී නොමැති බවයි. ඒ අනුව දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් පෙන්වා දුන්නේ මෙම වැඩවර්ජනය අසාර්ථක බවයි.
එමෙන්ම නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා කියා සිටියේ මෙම වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ නැති බවයි.
එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව ද වර්ජනය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කළ අතර ගැටලු ඇත්නම් සාකච්ඡාවෙන් විසදා ගත හැකි බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසන බව සඳහන්.