රනිල් අනිවාර්යෙන්ම ජනපතිවරණයට ඉදිරිපත් වන බවට දැනුම්දීමක්..
රනිල් වික්‍රමසිංහ අනිවාර්යයෙන්ම ජනපතිවරණයට ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා ගාල්ලේදී අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.
"රනිල් වික්‍රමසිංහ ජනපති මේ ජනපතිවරණයට ඉල්ලනවාද? නැද්ද? කියා දෙගිඩියාවක් ජනතාව තුළ තිබෙනවා.
අනිවාර්යෙන්ම ඉදිරි ජනාධිපතිවරණයට අපේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වෙනවා.
රුවන් විජයවර්ධන මහතා එහිදී සඳහන් කළේ, රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස ඉදිරිපත් වී අනිවාර්යයෙන්ම ඔහු ජයග්‍රහණය කරන බවයි.
එක්සත් ජාතික පක්ෂයේ ගාලු දිස්ත්‍රික් සම්මේලනය අමතමින් එජාප නියෝජ්‍ය නායකවරයා මේ බව කියා සිටියා.
එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සංවිධාන කළ මෙම සම්මේලන රැළිය ගාල්ල උළුවිටිකේදී පැවැත්විණ.