ශ්‍රී ලංකාවෙන් අලුත් බලාපොරොත්තුවක්...

Cricket Cricket Record
By Aruna Jul 06, 2024 05:51 AM GMT
Aruna

Aruna

Report

අරුණ දර්ශන ඔලිම්පික් වරම් ලබාගැනීමට සමත්ව ඇතිබවට වාර්තා වනවා.

ඒ මීටර් 400 පිරිමි ධාවන ඉසව්වෙන්. 

දින 17ක් පාසල් වසා දැමීමක්..හැබැයි වහන්නෙ මේ පාසල් පමණයි..එම පාසල් මෙන්න..

දින 17ක් පාසල් වසා දැමීමක්..හැබැයි වහන්නෙ මේ පාසල් පමණයි..එම පාසල් මෙන්න..


ඔහුට පැරිස් ඔලිම්පික් වරම් හිමිවූ බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තහවුරු කර තිබෙනවා.

මේ අතර, LPL ක්‍රිකට් තරඟාවලියේ ගෝල් මාර්වල්ස් කණ්ඩායම සමග පැවති තරඟය කඩුලු 05කින් ජය ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ගෝල් මාර්වල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 187ක් රැස් කළා.

ටිම් සයිෆර්ට් පන්දු 63කදී නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 104ක්.

ඔහුගේ ඉනිමට 06 පහර 06ක් සහ 04 පහර 12ක් අයත්. කෙසේවෙතත් සෙසු ක්‍රීඩකයින්ට ලකුණු 29 සීමාව ඉක්මවා යාමට අවස්ථාව හිමි වූයේ නැහැ.

පියුමිගේ සම සුදු කරන ක්‍රීම් ගාපු හැමෝටම රතු එළියක්..පියුමි ගහපු තවත් ගේමක් මාට්ටුයි..

පියුමිගේ සම සුදු කරන ක්‍රීම් ගාපු හැමෝටම රතු එළියක්..පියුමි ගහපු තවත් ගේමක් මාට්ටුයි..


ජයග්‍රාහී ලකුණු 188ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 04ක් අවසානයේ කඩුලු 05ක් පමණක් දැවී ලකුණු 191ක් රැස් කරමින් තරඟය ජය ගත්තා.

රයිලි රොස්වර් ලකුණු 67යි.

මෙම ජයග්‍රහණයත් සමග ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවනවා.