අසියාවේ පළමුවරට ලංකාවට එක්වන අලුත්ම නීතිය ගැන ජනපති කියයි..

Ranil Wickremesinghe Sri Lanka
By Sewvandhi Dec 09, 2022 08:40 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඊයේ (8) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වුනු ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ 15වෙනි උපාධි ප්‍රදානෝත්සවයට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වුණා.

එහිදී සභාව අමතමිනි ජනපති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ, ඉන්දීය සාගරය අභ්‍යන්තරයෙන් දිවෙන සන්නිවේදන රැහැන් ආරක්ෂා කිරීම සඳහා වන නීති කෙටුම්පතක් ආසියාවේ පළමුවරට ශ්‍රී ලංකාව තුළ සකස් කිරීමට පියවර ගෙන ඇති බවයි.

එහිදී අදහස් වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

"අපිට විශාල නාවික හමුදාවන් නොතිබෙන්න පුළුවන්. විශාල ගුවන් හමුදා නොතිබෙන්නත් පුළුවන්.නමුත් අපිට තවමත් කුඩා ප්‍රමාණයේ නාවික යාත්‍රා විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ අතරින් ඇතැම් ඒවා ඉතාම නවීනයි. ඉන්දීය සාගර කලාපය තුළ අපිටත් හඬක් ඇති බව පෙන්වීමට මේ හමුදා ඉතාම ප්‍රමාණවත්. එයයි අපි සහතික කළ යුතු දේ. අපි කාගෙවත් පාර්ශ්වයකට බැඳිය යුතු නැහැ.

විශේෂයෙන්ම කාගේවත් හමුදා පෙරමුණුවලට අපි සම්බන්ධ විය යුතු නැහැ. නමුත් අපි අනිත් පාර්ශව සමග සහයෝගයෙන් කටයුතු කළ යුතුයි. ඔවුන් සමග අදහස් හුවමාරු කරගත යුතුයි. ඉන්දීය සාගරයේ නාවික නිදහස වෙනුවෙන් අපි කටයුතු කළ යුතුයි. එහිදී අනික් රටවලට වැඩි කාර්යභාරයක් අපි ඉටු කළ යුතු වනවා. ශ්‍රී ලංකාව ඉතා සුවිශේෂී පියවරක් දැනට අරගෙන තිබෙනවා.

ඒ තමයි ආසියාවේ පළමුවරට මුහුදු අභ්‍යන්තරයෙන් දිවෙන සන්නිවේදන රැහැන් ආරක්ෂා කිරීම සඳහා කෙටුම්පතක් සකස් කිරීම. අපි කල්පනා කළ යුත්තේ 2022 වසර ගැන පමණක් නොවෙයි. අපි කල්පනා කළ යුත්තේ අපේ වැදගත්කම 2050 වසර වෙනකොට තියෙන තත්ත්වය ගැනයි. ඒ නිසා අපි නැවත හැරී බැලිය යුතුයි අපි කොහෙද ඉන්න කියන එක ගැන.

මේ පවතින තත්ත්වය තුළ ශ්‍රී ලංකාව මතක තබාගත යුතුයි අපිට දුර්වල රාජ්‍යයක් වෙන්න බැහැ. දුර්වල හමුදාවක්, දුර්වල ආර්ථිකයක් වෙන්න බැහැ. ඒ නිසා තමයි මම නව ප්‍රතිසංස්කරණ රැසක් 2050 වසර ඉලක්ක කරගනිමින් සකස් කරමින් යන්නෙ. අපිට ආර්ථික ශක්තියක් නැත්නම් දේශපාලන බලය වගේම ස්ථාවරත්වය හා හමුදා ශක්තියත් ඇතිකරගන්න බැහැ."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha