අණ නොතැකූ වෑන් රථයකට පොලීසිය වෙඩිතබයි..හඹාගොස් පරික්ෂාවේදී රථයෙන් හමුවූ දේ..
By Piyumika
පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට අද (23) රාත්‍රියේදී පොලීසිය වෙඩිතබා තිබේ.
කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ කොළඹ උතුර යතුරුපැදි කණ්ඩායම විසින් අදාළ වෑන් රථය හඹාගොස් වෙඩිතැබීම සිදුකර ඇත.
වෙඩිවැදීමෙන් වෑන් රථයේ සිටි අයෙකු සුළු තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි.
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී අදාළ වෑන් රථය පරීක්ෂා කිරීම සඳහා නතර කරන ලෙසට අණ කර තිබුණත් නොනවත්වා ධාවනය කිරීම නිසා හඹාගොස් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.
අදාළ වෑන් රථයේ තිබී නීතිවිරෝධී මත්පැන් සොයාගෙන ඇති බවද පැවසෙයි.
You may like this video