මොනවයින් මොනවා වෙයිද.. අනිද්දා (25) සිදුවන බුධ මාරුව ඔබට කොහොම බලපායිද..? රටට මොනවා වෙයිද..?
ජෝතිෂ්‍යය යනු ලංකාවේ බොහෝදෙනාට උපන් මොහොතේ සිට මරණය දක්වා ජීවිතයේ සෑම වැදගත් අවස්ථාවකටම බලපෑම් කරන්නක් බවට පත්ව තිබෙනවා....මේ කියන්න හදන්නේ ජනවාරි 25 දින සිදුවන බුධ මාරුව සමඟ ඇති වන වෙනස්කම් ගැනයි... මෙම බුධ මාරුව අපේ රටට කොහොම බලපායිද කියලා දැනගන්න ඔබ උනන්දුවෙන් ඇති... මෙන්න එහෙමනම් විස්තරේ....
මෙම ජනවාරි 25දා සිදුවන බුධ මාරුව සමඟ ඇති වන බුධගේ ගෝචරය සහ සමස්ත ග්‍රහ රටාව දෙස බැලූ විට සෞඛ්‍ය ක්ෂේත්රයේ යම් යම් වෙනස්වීම් සහ කාර්යක්ෂමතාවක් දැකිය හැකියි. රජය මහජන සෞඛ්‍ය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනු ඇති අතර දැනට පවතින ආයුර්වේද ක්ෂේත්රය සංවර්ධනයට පියවර කිහිපයක්ද සාකච්ඡා කරනු ඇත.
පාරම්පරික හා දේශීය වෛද්‍ය ක්රමයන් පිළිබඳව මහජනතාවගේ විශ්වාසය ඇතිවන කාලවකවානුවකි. මෙම කාලයේ රටේ ඉදිරිය සඳහා විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාව පිළිබඳ සාකච්ඡා ඇති වෙයි. රටෙහි අභිමානය ඉහළ යන ආකාරයේ සිදුවීම් කිහිපයක් සිදුවේ.
රටේ දේශීය නිෂ්පාදන සංවර්ධනය වෙනුවෙන් රජය විසින් ගන්නා තීරණයක් පිළිබඳව ජනතා ප්‍රසාදය ඇති වෙයි. බුද්ධිකාරක බුධ ග්‍රහයා දැනට සමව ධනු රාශියේ ගෝචර වෙමින් පවතී. එම නිසා අධ්‍යාපන ක්ෂේත්රයේ ගැටලු ඇති වෙයි. එම තත්ත්වය තවදුරටත් පවත්වා ගනිමින් ඉදිරියට ගමන් කරන බුධ මෙම ජනවාරි 25 වැනිදා ශනිදා පස්වරු 5.40ට මකර රාශියට ප්‍රවිෂ්ට වී පෙබරවාරි 11 වැනිදා, දක්වා මකරයේ ගෝචර වෙයි.
මකරයටද සම තත්ත්වයක් ඇති කරමින් බුධ ශනිගේ මකර රාශියේ ගෝචර වීමත් ලෝකායත ජේයාතිෂයට අනුව ලංකා කේන්දරේ ෙදාළොස්වැන්නටත් ඒමත් හේතුවෙන් බුධගේ කාරකත්වයන්ට හානි සිදුවෙයි. පවතින ග්‍රහ රටාව සලකා බැලීමේදී මෙතෙක් පැවැති දුබල නීති බැහැර වෙමින් මෙම කාලය තුළ මහජන හිතෛෂී නීති රීති ඇති වීම සහ ඒවා බලාත්මක වීම පෙන්වයි.
එහෙත් රජයේ වැඩපිළිවෙළ සම්බන්ධව සැලකිය යුතු වාද විවාද ඇති වෙයි. බුධ මාරුව හා සමස්ත ග්‍රහ රටාව පරීක්ෂා කර බැලීමේදී මහජනතාව අතර බොරු ප්‍රචාර පැතිරෙන තත්ත්වයක්ද දැකිය හැකිය. එසේම මහජනයා අතර උණ රෝගයක් පැතිර යෑමේ අවදානමක් ඇත. මෙම කාලවකවානුව තුළ විවිධ රෝගීන් බහුල වෙයි.
අස්වාභාවික රෝග ඇති වීමේ අවදානමක්ද පෙන්වයි. සියදිවි නසාගැනීම්ද වැඩි වශයෙන් වාර්තා වනු ඇත. කුඩා ළමුන්ට අපලකාරී කාලවකවානුවකි. ළමා අපචාර බහුල වෙයි. ළමුන් අතර රෝග සහ ළමයින් සම්බන්ධ ගැටලු ඇති වන වකවානුවකි. ආණ්ඩු පක්ෂයට චෝදනා එල්ල විය හැකිය. මැති ඇමැතිවරුන් අතර අසමඟිකම් හා නොසන්සුන්තා ඇති වන කාලයකි.
රටේ ප්‍රසිද්ධ චරිතයක් වැරදි සහගත ලියවිලි සකස් කර ඇති බව වාර්තා වෙයි. ඒ සම්බන්ධයෙන් ෙදා්ෂාරෝපණ ඇති වෙයි. මෙම කාලය තුළ ප්රවෘත්ති සපයන නාළිකාවල සහ ප්රවෘත්ති පත්‍ර තුළ අසත්‍ය ප්රවෘත්ති ප්‍රචාරය වීමට ඉඩ ඇත. ප්රවෘත්ති පත්‍ර සමාගමකට අපල ඇති වෙයි. බුධ මාරුව හේතුවෙන් තානාපතිවරුන්ටද අපල ඇතිවනු ඇත. නීති ප්‍රශ්නවලට මැදි වෙයි. රටේ විදෙස් සබඳතාවල ගැටලුකාරී තත්ත්වයන් ඇති වීමටද ඉඩකඩ තිබේ.(උපුටාගැනීමක්)
…………………………………………………………………………
You may like this video 👇