මගේ සහය ආණ්ඩු පක්ෂයට දෙන්නෑ ..මීනි මරපු ආණ්ඩුවක් තමා මේක..මාව මැරුවොත් ආණ්ඩුව වගකියන්න ඕනේ..(VIDEO)

Parliament of Sri Lanka Sri Lanka Dr.Archuna Chavakachcheri
By Piyumika Jan 23, 2025 03:12 PM GMT
Piyumika

Piyumika

Report

 පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ජුන මහතා අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ මින් ඉදිරියට කිසිදු අවස්ථාවක ආණ්ඩු පක්ෂයට සිය සහය නොදෙන බවයි.

දින 36ක නිහැඬියාවකින් පසු පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීමට අවස්ථාව ලැබුණු මන්ත්‍රීවරයා මෙම ප්‍රකාශය සිදුකළේ තම වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමේදීය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ආණ්ඩුවෙන් සාධාරණයක් සිදුවනු ඇතැයි තමා අපේක්ෂා කළ නමුත් එවැන්නක් සිදුනොවූ බවයි.

මෙම චෝදනාවලට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු සභානායක හා අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරණය කළේ අර්චුනා මන්ත්‍රීවරයාට කතා කිරීමට වේලාව වෙන්කර දීම ආණ්ඩුවේ නොව විපක්ෂයේ වගකීමක් බවයි.

සිගිති පාතාලේ ක්‍රියා උග්‍ර අතට..පාලනයට STF එකත් යොදවයි..

සිගිති පාතාලේ ක්‍රියා උග්‍ර අතට..පාලනයට STF එකත් යොදවයි..

තවද, මන්ත්‍රීවරයාගේ කථා කිරීමේ අයිතිය සුරක්ෂිත කිරීම සඳහා තමන් කථානායකවරයා නිරන්තරයෙන් දැනුවත් කර ඇති බවත්, ආණ්ඩුව එම අයිතිය වෙනුවෙන් පෙනී සිටින බවත් සභානායකවරයා පැවසීය.

විපක්ෂය වෙනුවෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේ විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කර සාධාරණ ලෙස කාලය හා කථා කරන ස්ථානය වෙන්කර දීමට කටයුතු කර ඇති බවයි.

අර්ජුන මන්ත්‍රීවරයා එම විධිවිධානවලට එකඟ වන්නේ නම් ඒ සඳහා අවස්ථාව ලබාදිය හැකි බවද ඒ මහතා පැවසීය.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිට අදහස් දැක්වූ වෛද්‍ය අර්චුනා මන්ත්‍රීවරයා සිය දේශපාලන පසුබිම පැහැදිලි කරමින් ප්‍රකාශ කළේ මෙවර තමන් සාමාන්‍ය මන්ත්‍රීවරයෙකු ලෙස පත්ව ඇති බවත්, ඊට පෙර වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කළ බවත්ය.

තම පෙර වෘත්තීය ජීවිතයේදී හෝ මාධ්‍ය ඉදිරියේ කිසිදු අයථා ක්‍රියාවක් සිදු නොකළ බවත්, දේශපාලනයට පැමිණීමට පෙර කිසිදු නඩු කටයුත්තකට මුහුණ නොදුන් බවත් ඔහු අවධාරණය කළේය.

විශේෂයෙන් තමන්ට කථා කිරීමට කාලය වෙන්කර නොදීම සහ "කොටි" යන ලේබලය යොදමින් පීඩනයට ලක්කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කළ මන්ත්‍රීවරයා, තමන් එල්ටීටීඊ සාමාජිකයෙකු නම් අත්අඩංගුවට ගැනීමට හෝ වෙඩි තැබීමට ආණ්ඩුවට හැකියාව ඇති බව පැවසීය.

වර්තමාන ආණ්ඩුව මිනීමැරුම්වලට සම්බන්ධ බවට චෝදනා කරමින් මන්ත්‍රීවරයා මන්නාරම අධිකරණය ඉදිරිපිට සිදුවූ පුද්ගලයන් දෙදෙනෙකුගේ මරණය සහ දෙහිවල ප්‍රදේශයේ සිදුවූ මරණයක් උදාහරණ ලෙස ගෙන හැර දැක්වීය. තවද, තමාගේ ජීවිතයට තර්ජනයක් එල්ල වුවහොත් ඒ සඳහා ආණ්ඩුව වගකිව යුතු බවද ඔහු අවධාරණය කළේය.

සභාපති පුටුවට තිදෙනෙක් සටනක...

සභාපති පුටුවට තිදෙනෙක් සටනක...

අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා මන්ත්‍රීවරයා මෙසේ කීය.

"මම සාමාන්‍ය මන්ත්‍රීවරයෙක් ලෙස පත්වුණේ මේ සැරේ.ඊට කලින් මම දොස්තර කෙනෙක්. මීඩියාවල මගේ හැසිරීම ගැන කම්ප්ලේන් ඇවිල්ලා තියෙනවා ද ? එක නඩුවක්වත් දේශපාලනයට එන්න කලින් වැටිලා තියෙනවා ද ? හොයලා බලන්න. ඇයි මට ටයිම් එක වෙන් කරලා නැත්තේ. මට ඇයි කොටි කොටි කියලා පීඩනයකට ලක්කරන්නේ. මම කොටි නම් ඇරස්ට් කරන්න. නැත්නම් වෙඩි තියන්න. ඔයාලා මිනී මරලා තියෙනවා. මීනි මරපු ආණ්ඩුවක් තමා මේක...මන්නාරමේ අධිකරණය ඉස්සරහා දෙන්නෙක් මැරුවා. දෙහිවල එක්කෙනෙක් මැරුවා. මාව මැරුවොත් ආණ්ඩුව වගකියන්න ඕනේ."

මෙම සිද්ධිය පාර්ලිමේන්තුව තුළ සැලකිය යුතු උණුසුමක් ඇති කළ අතර, එය රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පිළිබඳ ගැඹුරු සංවාදයක් ඇති කිරීමට හේතු වී තිබේ.

විශේෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අභිමතය පරිදි අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ ඒ සඳහා ඇති අවස්ථා සම්බන්ධයෙන් වූ ගැටලු මෙමගින් මතුව තිබේ.

You may like this video

ReeCha