"ඒ මම නෙවෙයි.." - පොලීසියත් එක්ක පැටලුණු අර්චුනාට.. අද සිදුවුණ දෙය මෙන්න..(VIDEO)

Report

අද (22) දින, පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා සම්බන්ධ නඩුව කල් දැමීට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.

ඒ අධිකරණයේ දී නිවැරදි සැකකරු සොයාගැනීමට නොහැකි වීම හේතුවෙන් ය 

ඒ අනුව, එළැඹෙන 03 වනදා දක්වා එම නඩුව කල් තැබිණ.

අද පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා අධිකරණයට ඉදිරිපත් විය.

ඒ මෝසමක් යොමු කරමින් ය.

ලෝක බැංකුවෙන් ලංකාව ගැන තීරණයක් ගනී.. ඇස්උඩ යන ඒ ආරංචිය මෙන්න..

ලෝක බැංකුවෙන් ලංකාව ගැන තීරණයක් ගනී.. ඇස්උඩ යන ඒ ආරංචිය මෙන්න..

පාසල් දරුවන්ට ලැබෙන රු.3,000ක තිලිණපත.. එය ලැබෙන්නෙ මෙන්න මෙහෙමයි..

පාසල් දරුවන්ට ලැබෙන රු.3,000ක තිලිණපත.. එය ලැබෙන්නෙ මෙන්න මෙහෙමයි..

අදාළ නඩුව කැඳවු අවස්ථාවේ දී අනුරාධපුර පොලීසිය විසින් සැකකරුගේ නම යොදා ඇත්තේ "අර්ජුනා ලෝචන්" ලෙසින් වේ.

නමුත් රියදුරු බලපත්‍රයේ ඒ මහතාගේ නම ඇත්තේ රාමනාදන් අර්චුනා ලෙස ය.

ඒ හේතුවෙන්, අධිකරණය නියෝග කළේ නිවැරදි සැකකරු සොයා අධිකරණයට වාර්තා කරන ලෙසයි.

මේ අතර, ඊයේ (21) ඒ මහතා  පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී වීමට කොළඹ බලා පැමිණෙමින් සිට තිබෙනවා.

එහිදී අනුරාධපුර රඹෑව ප්‍රදේශයේ දී රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් සමඟ ඔහු ආරවුලක් ඇති කරගෙන තිබිණ.

පාසල් පැවැත්වීම ගැන තවත් තීරණයක් මෙන්න.. හෙට සිට වෙන දෙය.. එතකොට විභාග?.

පාසල් පැවැත්වීම ගැන තවත් තීරණයක් මෙන්න.. හෙට සිට වෙන දෙය.. එතකොට විභාග?.

ඒ අනුව පොලීසිය විසින් මෝටර් රථ ප්‍රවාහන පනත මෙන්ම දණ්ඩ නීති සංග්‍රහය යටතේ අධිකරණයට කරුණු ගොනුකර තිබෙනවා.

වීඩියෝ දර්ශන පහතින්,