මහනුවර - මහියංගනය මාර්ගය අදත් වසා දැමේ..මේ විකල්ප මාර්ග භාවිතා කල හැකි..

Report

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර - මහියංගනය ප්‍රධාන මාර්ගය යළිත් වරක් තාවකාලිකව වසා දැමූ බව පොලීසිය පවසයි.

උඩදුම්බර, කහටගොල්ල ප්‍රදේශයෙන් පස් කඳු හා ගල් මෙම මාර්ගයට කඩාවැටීමේ අවදානම් තත්ත්වය තවදුරටත් පවතින හෙයින් මෙම තීරණය ගෙන ඇත.

සභාපති පුටුවට තිදෙනෙක් සටනක...

සභාපති පුටුවට තිදෙනෙක් සටනක...

ඒ අනුව මෙම මාර්ගයේ රාත්‍රී කාලයේ ගමන් ගන්නා වාහන හා පුද්ගලයින්හට බරපතළ අනතුරු සිදුවිය හැකි බැවින් අද (23) ප.ව. 6 සිට හෙට (24) පෙ.ව. 6 දක්වා කාලය තුළ තැන්නේකුඹුර හන්දියෙන් හා හසලක පාලම් හන්දියෙන් වසා දැමීමට පියවර ගෙන ඇත.

විකල්ප මාර්ග - මහනුවර දෙස සිට මහියංගනය දෙසට ධාවනය වන බර වාහන තැන්නේකුඹුර හන්දියෙන් රජ මාවත දෙසට හා මහියංගනය දෙස සිට මහනුවර දෙසට ධාවනයවන බර වාහන හසලක පාලම් හන්දියෙන් රන්දෙනිගල මාර්ගය දෙසටත් විකල්ප මාර්ග ලෙස භාවිතා කළ හැක.

මගේ සහය ආණ්ඩු පක්ෂයට දෙන්නෑ ..මීනි මරපු ආණ්ඩුවක් තමා මේක..මාව මැරුවොත් ආණ්ඩුව වගකියන්න ඕනේ..(VIDEO)

මගේ සහය ආණ්ඩු පක්ෂයට දෙන්නෑ ..මීනි මරපු ආණ්ඩුවක් තමා මේක..මාව මැරුවොත් ආණ්ඩුව වගකියන්න ඕනේ..(VIDEO)

එමෙන්ම මහනුවර දෙස සිට මහියංගනය දෙසට ගමන් ගන්නා සැහැල්ලු වාහනවලට පමණක් උඩදුම්බර පොලිස් වසමේ එනමල්පොත හන්දියෙන් උඩුදුම්බර නගරයටත්, මහියංගනය දෙස සිට මහනුවර දෙසට ධාවනය වන සැහැල්ලු වාහන උඩදුම්බර නගරයෙන් එනමල්පොත හන්දිය දක්වාත් විකල්ප මාර්ග ලෙස භාවිතා කළ හැක.

You may like this video