මහින්දගේ නිල නිවස ගැන, පුතා නාමල්ගෙන් ජනපති අනුරට රිදෙන්නම උත්තරයක්..(VIDEO)

Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමි නිල නිවසින් ඕනෑම අවස්ථාවක ඉවත්වීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අද මාධ්‍යවෙදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.


"ඒ ගෙදර හිටපු ජනාධිපතිවරුන්ට ව්‍යවස්ථාවෙන් ලබාදීපු එකක්. විශේෂයෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් කේන්ද්‍ර කරගත්ත ප්‍රශ්නයක්. හැබැයි වර්ථමාන ජනාධිපතිට ඒ ගෙදර කාට හරි විකුණගන්න අවශ්‍යනම් ඒ නිසා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා එතනින් ඉවත්කරගන්න අවශ්‍යනම්. ජනාධිපතිවරයාට ඒක ලිඛිතව දන්නවන් පුළුවන්. අපි ඉල්ලලා ගත්තු ගෙයක් නෙමෙයි ව්‍යවස්ථානූකූලව හිටපු ජනාධිපතිවරයෙක්ට ලැබෙන දෙයක්.