දැන් තෙල් ගේන්න ඕන සමාගමකට පුළුවන් - අගමැති රනිල්
ඒකාධිකාරය වෙනස්කිරීම මගින් හැකියාව ඇති ඕනෑම සමාගමකට තෙල් ගෙන්වීමට මේ වනවිට අවස්ථාව ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අද (29) පස්වරුවේ පුවත්පත් කර්තෘවරුන් සහ රුපවාහිනි හා ගුවන් විදුලි ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් හමුවූ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.
ඉන්ධන අර්බුදය විසඳීම සඳහා ගෙන ඇති හදිසි ක්‍රියාමාර්ග ඇතුළු රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා එහිදී මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා.
"රුසියාව යුරෝපයට ගෑස් දෙන එක නැවැත්වුව නිසා තෙල් දෙන එක නැවැත්වුව නිසා, දැන් යුරෝපය මැදපෙරදිගින් ඔක්කොම මිලදී ගන්නවා. ඊට අමතරව චීනය, ඉන්දියාව, ජපානය, දකුණු කොරියාව වගේ රටවලුත් දැන් ඉන්ධන ලබාගන්න එන්න තියෙනවා, මහා පොරයක් තියෙන්නේ. ඉන්දියාවටත් තාම විශ්වාස නෑ තාම කොහොමද හොයාගන්නේ කියලා. රුසියානු තෙලුත් මදි වෙලා තියෙන්නේ.
ඒ තත්ත්වය මැද අපි ඇවිල්ලා තියෙන්නේ. අපිට එවෙලේම ගන්න බැරිවුනොත් අපිට ඊළඟ සැරේ ගන්න කල් යනවා. දැන් අපේ ප්‍රධාන එක රටේ ජනතාවට තෙල් ලබලා දීම. තෙල් ගෙනත් දෙන්න පුළුවන් නම් වෙන ඕන සමාගමකට අපි දැන් ඉඩදීලා තියෙනවා. අනික් සමාගම් ඒකාධිකාරය වෙනස් කරලා අපි ඉඩදීලා තියෙනවා තෙල් ගේන්න ඕනෑම සමාගමකට."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |