බ්‍රිතාන්‍ය සහය ලංකාවට හිමි වෙනවද..? සිදුකළ සාකච්ඡා ගැන අගමැතිගෙන් විශේෂ පණිවිඩයක්..!

Ranil Wickremesinghe Sri Lanka Economic Crisis Prime minister Economy of Sri Lanka
By Sewvandhi May 30, 2022 03:53 PM GMT
Sewvandhi

Sewvandhi

Report

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සමඟ පැවති සාකච්ඡාව පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

එහි දී තමන් ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ බොරොස් ජොන්සන් ව දැනුම්වත් කළ බවයි අග්‍රාමාත්‍යවරයා ට්විටර් පණිවිඩයෙන් දන්වා සිටින්නේ.

විශේෂයෙන් දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සහ අපනයනය ඉලක්ක කරගත් විවෘත ආර්ථිකයක් බවට පත්වීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා බොරිස් ජොන්සන් ප්‍රතිඥා දුන් බවත් අග්‍රාමාත්‍යවරයාගේ පණිවිඩයේ සඳහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now 


Gallery