චාමර වෙනුවෙන් රනිල් අල්ලස් කොමිසමට

Report

 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ. ඒ ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට එරෙහි පැමිණිල්ලකට අදාළ විමර්ශනයන් සඳහා ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහාය.

ඉන්දියානු කෝච්චිය කොළඹ ඉක්මණින් කොටුවට... මෝදී වැඩ අරඹයි

ඉන්දියානු කෝච්චිය කොළඹ ඉක්මණින් කොටුවට... මෝදී වැඩ අරඹයි

චාමර සම්පත් දසනායක මහතා 2016 වසරේ දී රාජ්‍ය බැංකුවක පවත්වාගෙන ගිය ස්ථාවර තැන්පතු ගිණුම් කල්පිරීමට පෙර ඉවත්කර ගැනීමට කටයුතු කිරීමෙන් වරදක් සිදුකර ඇතැයි සඳහන් කරමින් ඔහුට එරෙහිව යොමුකරන ලද පැමිණිල්ලක් මත මේ වනවිට විමර්ශන සිදුකරමින් පවතී.

කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක අතුරු තහනම ඉවතට

කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක අතුරු තහනම ඉවතට

ඊට අදාළව ඊයේ (10) දිනයේ දී විශේෂ ප්‍රකාශයක් රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකර තිබුණු අතර, එමඟින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන විමර්ශනයට අදාළ තොරතුරු රනිල් වික්‍රමසිංහ මහතා දන්නා බවටත් අදාළ විමර්ශනයට අදාළ සිද්ධියට යම් අවස්ථාවක මැදිහත් වී ඇති බවත් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.

එම හේතුවෙන් වැඩිදුර තොරතුරු විමසීම සඳහා  අල්ලස් දූෂණ චෝදනාව විමර්ශන කොමිෂන් සභාව අද දින රනිල් වික්‍රමසිංහ මහතා එම ස්ථානයට කැඳවා තිබේ.