කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක අතුරු තහනම ඉවතට

Report

කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18කට එළඹෙන මැයි 6 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම වළක්වමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමට අභියාචනාධිකරණය අද (11) තීන්දු කළේය.

එම පළාත් පාලන ආයතනවලට ඉදිරිපත් කර ප්‍රතික්ෂේප වූ නාමයෝජනා පත්‍ර නැවත භාර ගන්නා ලෙසටත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇත.

නීතිපතිවරයා ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව, අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

අද ගම්බිම් බලා යන ජනතාවට මෙන්න විශේෂ දැනුම්දීමක්!

අද ගම්බිම් බලා යන ජනතාවට මෙන්න විශේෂ දැනුම්දීමක්!

කෙහෙළිය අදත් CIDයට පැමිණෙයි

කෙහෙළිය අදත් CIDයට පැමිණෙයි