ඉදිරි වසර කිහිය තුළ දරුවන් වෙනුවෙන් හොඳ රටක් තනන බව ජනපති පවසයි...

Ranil Wickremesinghe President of Sri lanka Presidential Update School Children
By Parami Dissanayake Jun 19, 2024 06:18 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

අද (19) ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදානය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවති උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ,දැයේ දරුවන් වෙනුවෙන් ඉදිරි වසර 05-10 තුළ වඩා හොඳ රටක් නිර්මාණය කරදෙන බව ය.

ගංජා ළඟ තබා ගෙන සිටි ශිෂ්‍ය චීවරධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට...

ගංජා ළඟ තබා ගෙන සිටි ශිෂ්‍ය චීවරධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට...

ජනාධිපතිවරයා ලෙස මේ රටේ කිසිඳු දරුවෙකුට දුක් විඳිමට ඉඩ නොතබන බවට තමා තීරණය කළ බවත්, වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට තමා කැවූයේ ඒ වෙනුවෙන් බවත් ජනාධිපතිවරයා අවධාරණය කළා.

මේ අතර එක් අධ්‍යාපන කලාපයකින් 2022 (2023) වර්ෂයේදී අ.පො.ස (උ.පෙළ) හදාරන සිසු දරු දැරියන් 60 බැගින් තෝරාගෙන, කලාප 100ක් ආවරණය වන පරිදි එක් දරුවෙකුට මාසිකව රුපියල් 6,000 බැගින් සිසුන් 6000ක් සඳහා වසර 02ක කාලයකට අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීම මේ යටතේ සිදු කරන බවත් හෙතෙම පැවසී ය.

2024 මාර්තු මස සිට එම දරුවන්ගේ අ.පො.ස (උ.පෙළ) අවසන් වන තෙක් අදාළ ශිෂ්‍යත්ව ලබාදීම සිදු කෙරෙන බව පැවසී ය.

ඇමෙරිකාවට දකුණු අප්‍රිකානුවන්ගෙන් ඉලක්කයක්...

ඇමෙරිකාවට දකුණු අප්‍රිකානුවන්ගෙන් ඉලක්කයක්...

එමෙන් ම, ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ජනාධිපති අරමුදල විසින් දිවයිනේ සමස්ත පාසල් 10,126 ආවරණය වන පරිදි 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුන් සඳහා ද ශිෂ්‍යත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බවයි.

එහිදී පාසලක ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව පාදක කරගනිමින් පාසලකට ලබා දෙන ශිෂ්‍යත්ව සංඛ්‍යාව තීරණය කර ඇති අතර පාසලකට ලැබෙන අවම ශිෂ්‍යත්ව සංඛ්‍යාව 04ක් සහ උපරිම ශිෂ්‍යත්ව සංඛ්‍යාව 22ක් වන බවත් පවසා ඇත.

කැලේ ගිහින් කසිප්පු පෙරාපු අම්මයි දුවයි මාට්ටු...

කැලේ ගිහින් කසිප්පු පෙරාපු අම්මයි දුවයි මාට්ටු...

තව දුරටත් අදහස් දැක්වූ එතුමා පවසා ඇත්තේ, 2024 අප්‍රේල් මාසයේ සිට මාස 12ක කාලයක් දක්වා එක් දරුවෙකු සඳහා මාසිකව රුපියල් 3000/- බැගින් සිසුන් ලක්ෂයක් සඳහා මේ යටතේ ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලබන බවයි.

තව ද, අද දිනයේ එම ශිෂ්‍යත්ව ප්‍රදානය සංකේතවත් කරමින් කොළඹ දිස්ත්‍රික්කයේ සිසුන් 5108 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව හා තිළිණ ලබාදීම සිදු කර ඇත.