රනිල්ගෙන් මහින්දට දුරකථන ඇමතුමක් - මෙන්න හේතුව
ශ්‍රී ලංකාවේ පස්වෙනි විධායක ජනපති වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂගේ උපන් දිනය අද(18)ට යෙදී තිබේ.
ඒ අනුව අද උදෑසන සිටම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට දේශපාලනඥයින් සහ හිතවතුන් රැසක්ම දුරකථනයෙන් සුබ පතා ඇති බව වාර්තා වෙයි.
ඒ අතර හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහද මහතා ද මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක්කොට තිබේ.
ඔහු මහින්ද රාජපක්ෂට සුබ පතමින් වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන්ද දුරකථනයෙන් කෙටි අදහස් හුවමාරුවක නිරත වී ඇති බව වාර්තා වේ.
මේ වන විට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මහනුවර බලා පිටත්ව ගොස් ඇති අතර එහිදී ශ්‍රී දළදා මාළිගාවේ ආගමික වතාවත්වලට ද අද දින සහභාගි වීමට නියමිත බවද වාර්තා වේ.