රියදුරන් ප්‍රවේශමෙන් - පොලිසියෙන් දැනුම්දීමක්

Report

රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා පවසන්නේ මෙම වසර ආරම්භයේ සිට ඊයේ (19) දිනය දක්වා මාර්ග රිය අනතුරු 113ක් වාර්තා වී ඇති බවයි.

අද (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ එම අනතුරුවලින් පුද්ගලයින් 120 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව හා මෙම අනතුරුවලින් පුද්ගලයින් 216ක් බරපතළ තුවාල ලබා ඇති බවයි.

ඉන්ධන ලබාදීමට ඩිජිටල් ඉන්ධන කාඩ්පතක් - රජයෙන් අලුත් වැඩක්

ඉන්ධන ලබාදීමට ඩිජිටල් ඉන්ධන කාඩ්පතක් - රජයෙන් අලුත් වැඩක්

එමෙන්ම සුළු අනතුරු 490ක්ද වාර්තා වී ඇති බවත් පැවසූ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ ඉන් අලාභ හානි 159ක්ද වාර්තා වී ඇති බවය.

මෙම අනතුරුවලින් වැඩි වශයෙන් පදිකයින් ජීවිතක්ෂයට පත්ව ඇති අතර එම ගණන 33 බවත් යතුරුපැදි අනතුරු 45ක් සහ පසුපැදිකරුවන් 7ක් ද මෙම අනතුරුවලින් මියගොස් ඇතැයිද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.  

වාහන රියදුරන්ට හා මහජනතාවට පොලීසියෙන් නිවේදනයක්

වාහන රියදුරන්ට හා මහජනතාවට පොලීසියෙන් නිවේදනයක්