ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් මාලදිවයිනේ දී අත්අඩංගුවට
By Kanchana
මාලදිවයිනේ වේලේනා ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අධිකරණ නියෝගයක් මත මෙම පුද්ගලයින් දෙදෙනාව පසුගිය 18 වනදා අත්අඩංගුවට ගත් බව එරට පොලීසිය තහවුරු කර තිබේ .
මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනුයේ මැදතලාවේ කන්කනමලාගේ තිලක් සෝමචන්ද්‍ර 43 හැවිරිදි පුද්ගලයෙක් මෙන්ම සහ 46 හැවිරිදි දේවානිතිගේ ප්‍රියන්ත සිල්වා යන දෙදෙනාවයි.
''අපි එදා වඳ සැත්කම් නැවැත්තුවා,නමුත් මේ ක්‍රියාත්මක වන වැරදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැවැත්වුවේ නැති නම් තව අවුරුදු 15 කින් විතර මේ ප්‍රතිඵල වලට වගකියන්න වෙනවා '' - ඥානසාර හිමි
ඉන්පසුව ඔවුන් දෙදෙනාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 15 ක් දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
ඒ වගේම පසුගිය 9 වනදා මාලදිවයිනේ වේලේනා ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී ඇති වූ ගැටුමකින් පසුව මෙම ශ්‍රී ලාංකිකයින් දෙදෙනාව එරට පොලීසිය විසින් උපදෙස් ලබා නිදහස් කර තිබෙන බව වාර්තා වේ.
ඉන්පසුව ඔවුන් නැවතත් ඔවුන් දෙදෙනාව මෙලෙස අත්අඩංගුවට ගත් බව සදහන් වේ.