රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි
ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව සඳහා පවතින පවිත‍්‍ර රාමසාන් උපවාස මාසය අද (19) ආරම්භ වේ.
ඊයේ (18) දින සන්ධ්‍යාවේ කොළඹ මහ පල්ලිය ඒ බව නිවේදනය කර ඇත.
කොළඔ මහ පල්ලිය දැනුම් දී තිබෙනුයේ රට පුරා පත්කරන ලද හිලාල් උප කමිටු වාර්තා අනුව, නව අඩ සඳ ඊයේ (18) දර්ශනය වූ බැවින්, රාමසාන් මාසය අද (19) සිට ආරම්භ කිරීමට තීරණය කළ බවයි.
ඒ අනුව, All Ceylon Jamiyyathul Ulama (ACJU) හිලාල් අංශය, කොළඹ මහ පල්ලිය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එකමතිකව තීරණය කළේ රාමසාන් මාසයේ පළමු දිනය අදට යෙදෙන බවයි.
ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයේ නවවන මාසය වන රාමසාන්, ඉස්ලාමීය කුළුණු පහෙන් එකක් ලෙස සැලකෙන පූජනීය උපවාස මාසයක් වේ.
ඒ වගේම මුස්ලිම් ජනතාවට පවිත්‍ර මාසයක් ලෙස මේ මාසය සලකනු ලබයි