දේව ප්‍රතිමාවකට එරෙහි විරෝධයට ප්‍රතිචාර….? බුද්ධ ප්‍රතිමාව සහ රණවිරු ස්මාරකය වනසයි….!

By Wasantha Jul 26, 2021 02:49 AM GMT
Report

රක්වාන දෙමුවාත ස්ටෝරු කඩේ ප්‍රදේශයේ ඉදිකර තිබූ රණවිරු ස්මාරකය සහ ආසන්නයේ තිබූ කුඩා බුද්ධ ප්‍රතිමාව කඩා බිඳ දමා විනාශ කර ඇතැයි රක්වාන පොලීසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධ විමර්ශනයක් ආරම්භ කළ බව පොලීසිය පවසයි. මෙම ස්ථානයේ දේව පිළිමයක් ස්ථාපිත කිරීමට පිරිසක් ගත් උත්සාහයක් පසුගිය කාලයේ තවත් පිරිසකගේ විරෝධය නිසා නතර කිරීමට සිදුවිය මෙම රණවිරු ස්මාරකය සහ බුද්ධ ප්‍රතිමාව මෙසේ විනාශ කිරීමට එම සිද්ධිය මුල් වූවාදැයි පොලිසිය සැකකරයි.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා දෙදෙනෙක් සිය බාරයට ගත් බව ද පොලීසිය පවසයි.