සේලයින් නෑ රටම අනතුරේ..? ප්‍රභලයෙක් කළ ප්‍රකාශය..

By Sithumi Nov 29, 2022 06:12 PM GMT
Sithumi

Sithumi

Report

අද වන විට රට තුළ සාමාන්‍ය සේලයින් ඇත්තේ මාසෙකට අවශ්‍ය ප්‍රමාණය පමණක් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

සාමාන්‍යයෙන් මාස තුනක සේලයින් තොගයක් රට තුල පැවතිය යුතු බවද මන්ත්‍රීවරයා පැවසුවා.

 මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයේ දී.

එමෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ 185 ක් ද රට තුළ නැති බවයි ඔහු තවදුරටත් එහිදී පැවසුවේ.