ප්‍රදේශ කිහිපයකට අදත් වැසි.

Sri Lanka Department of Meteorology TN Weather Weather
By Hashini Oct 07, 2023 02:59 AM GMT
Hashini

Hashini

Report

දිවයිනේ පළාත් කිහිපයකට අදත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර,සබරගමුව,දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ප්‍රදේශවල මි.මී . 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.

සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ඌව, නැගෙනහිර පළාත්වල සහ පොලොන්නරුව, මාතලේ, මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

වැසි සමඟ ඇතිවිය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු වළක්වා ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. 

ReeCha