හෙට ප්‍රදේශ කිහිපයකටම දැඩි අවදානම් තත්ත්වයක්..
By Sithumi
හෙට (14) දිනයේ ප්‍රදේශ කිහිපයකටමඋණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම "අවධානය" යොමු කළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.
ඒ අනුව ඊට වැඩිවේලාවක් නිරාවරණයවීම සහ ක්‍රියාකාරකම්වල නියුතුවීම තුළින් තෙහෙට්ටු තත්ත්වයක් ඇති විය හැකි බවයි ඔවුන් දැනුම් දෙන්නේ.
තවදුරටත් විජලනය සහ ලවණ ඉවත්වීම නිසා ඇති වන මස්පිඩු පෙරලීම් සිදුවිය හැකි බවද අනතුරු අඟවයි.
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)