අදත් බොහෝ ප්‍රදේශ වලට වැසි

Department of Meteorology TN Weather Weather Sinhala news
By Hashini May 02, 2025 12:01 AM GMT
Hashini

Hashini

Report

මේ දිනවල දිවයිනේ කාලගුණයට බලපාන්නේ අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධගෝලයේ සහ දකුණු අර්ධගෝලයේ සිට සුළං අභිසාරී වන ස්ථානය) ය.

එම නිසා දිවයිනේ බොහෝ ස්ථානවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකිය.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සහ ගාල්ල, මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව ස්ථානගත වූ තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානි අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල උදෑසන කාලයේ දී ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකිය. 

ඉක්මනින් නඩු අහලා මීළඟට හිරේට යන අය හේවගේ කියයි

ඉක්මනින් නඩු අහලා මීළඟට හිරේට යන අය හේවගේ කියයි

ReeCha