වැස්ස වැස්ස අඩුවීමත් සමග නායයාමේ රතු නිවේදන ඉවතට

Report

මෙරට පැවැති අධික වර්ෂාව අඩු වීමත් සමග වැස්ස අඩුවීමත් සමග නායයාමේ රතු නිවේදන ඉවත් කර ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අවධාරණය කරනු ලබන්නේ මෙම නායයාමේ රතු නිවේදන ඉවත් කළ ද නාය ගිය ස්ථාන නැරඹීමට යාමෙන් වළකින ලෙසයි.

ඒ වගේම ප්‍රදේශ කිහිපයක් හැරුණුකොට දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි නොමැති කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි තවද ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ නුවරඑළිය , පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වීමේ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

තවද රත්නපුර , ගාල්ල ,මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල පස්වරු දෙකෙන් පසුව එම ස්ථාන ස්වල්පයක් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තිබේ.

ඒ වගේම සෙසු ප්‍රදේශවල වැසි නොමැති කාලගුණික තත්ත්වයක් පවතින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

ඔරලෝසුවේ වෙලාව වෙනස් කරලා විපක්ෂේ එන්න කළින්ම මාලිමාව අයවැය සම්මත කරගෙන - චරිත්

ඔරලෝසුවේ වෙලාව වෙනස් කරලා විපක්ෂේ එන්න කළින්ම මාලිමාව අයවැය සම්මත කරගෙන - චරිත්

තවද බලපිටිය සිට කොළඹ පුත්තලම හරහා මන්නාරම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වීමේ හැකියාව ඇත.

ඒ වගේම දිවයිනවටා සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළුවිය හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇති වී තද සුළං ද ඇතිවී මුහුද තාවකාලිකව ඉතා රළුවිය හැකි බවයි.